ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ලෝකයේ ආදර්ශමත් සහ විශිෂ්ට රටක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනඟනවා - ජනපති

    ඔක්තෝබර් 07, 2016

    අපේ රටේ වසර දහස් ගණනක ඉතිහාස කථාවේ තිබෙන ශ්‍රේෂ්ඨත්වය සහ විශිෂ්ටත්වය වර්තමාන ආණ්ඩුව තුළ තව තවත් ශක්තිමත් කරමින් ලෝකයේ ශක්තිමත්, ආදර්ශවත් සහ විශිෂ්ට රාජ්‍යයක් ලෙස ශී‍්‍ර ලංකාව ගොඩනඟන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    අතීත රජදරුවන් ඉදිකළ වාරිමාර්ග නවීන තාක්ෂණය උපයෝගි කර ගනිමින් වඩාත් විධිමත් සහ කාර්යක්ෂමව ගොවිජනතාවට වාරි ජලය සපයනු පිණිස ප‍්‍රතිසංස්කරණය කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ මිණිපේ වම් ඉවුරු ඇළ ප‍්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ඊයේ (06) ආරම්භ කරමින් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේය.

    රටේ නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය භුක්ති විදිමින් විවේචකයින් කුමන විවේචන සිදු කළද රටට වැඩක් කිරීමට කැමති සියලූදෙනා එක්කර ගනිමින් රට ගොඩන`ගන බව ද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.

    අද ඇතැමුන් හෙට ඉර පායන්නට පෙර ආණ්ඩුව කඩා වැටෙන අයුරින් විවිධ ප‍්‍රකාශ මාධ්‍ය ඔස්සේ පළ කරමින් සිටින බව පැවසූ ජනාධිපතිතුමා අලූතින් ආණ්ඩුවක් පත් වූ විට සියලු දෙනාගේ වගකීම වන්නේ රටත්, ජනතාවත් වෙනුවෙන් එම ආණ්ඩුවට සහාය දැක්වීම මිස විවේචන කරමින් සිටීම නොවන බව ද කියා සිටියේය.

    වත්මන් ආණ්ඩුව රට පාවා දෙමින් රට කැඞීමට උත්සාහ කරන බවටත්, නව ව්‍යවස්ථාව තුළ බුදු දහමට හිමි තැන අහිමි කිරීමට සූදානම් වන බවට මෙන්ම උතුරේ හමුදා කඳවුරු ඉවත් කරන බවට ප‍්‍රකාශ නිකුත් කරන සියලූදෙනාට තමා හමුවී එවන් සිදුවීම් සිදුවන්නේ කොතනදැයි තමා දැණුවත් කරන ලෙස ඉතා කාරුණිකව ආරාධනා කරන බවද ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.

    රට තුළ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමට නම් සෑමවිටම ශක්තිමත් කළයුත්තේ ගොවි ජන ජිවිතය සහ ඔවුන්ගේ ආර්ථිකය බවද පැවසූ ජනාධිපතිතුමා රටට කෙතරම් ආයෝජන පැමිණිය ද රටේ ආර්ථිකය පිළිබඳ ඓතිහාසික සාක්ෂිය වන්නේ කෘෂි ආර්ථික සමඟ රට ගොඩනැගීම බවද කියා සිටියේය.

    ගොවි ජන ජීවිතය සහ ගොවි ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් රජය ඉතා වගකීමෙන් කැපවී සිටින බවද අවධාරණය කළ ජනාධිපතිතුමා මහා වාරිමාර්ග සහ සුළු වාරිමර්ග ප‍්‍රතිසංස්කරණය වෙනුවෙන් රජය විශාල මුදලක් වෙන් කර තිබෙන බවත් ඉන් නිසි ප‍්‍රයෝජන ලබා ගැනීම ගොවි සංගම් නියෝජිතයින්ගේ වගකීම බවත් කියා සිටියේය.

    හසලක නගරයේ මිණිපේ වම් ඉවුර අසළදී ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කෙරුණු අතර ඒ සඳහා පළමු පස් පිඩැල්ල කැපීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

    ව්‍යාපෘතියෙහි වැඩ ආරම්භ කිරීම සනිටුහන් කරමින් පැලයක් රෝපණය කිරීම ද සිදු විය.

    මිණිපේ ගොවි ජනපදයේ ගොවි ජනතාව විසින් විශේෂ සංදේශයක් මෙහිදී ජනාධිපතිතුමා වෙත භාර දුන් අතර එයින් ඉල්ලා තිබූ පරිදි මිණිපේ ගොවි ජනතාවට ඉඩම් ඔප්පු ලබාදිම සඳහා විශේෂ ව්‍යාපෘතියක් කඩිනමින් කි‍්‍රයාවට නංවන බව ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

    මිණිපේ වම් ඉවුරු අමුණ මීටර් 3.5 කින් උස් කිරීම සහ කි.මි 74 ක දිගින් යුත් මිණිපේ වම් ඉවුරු ප‍්‍රධාන ඇළ ප‍්‍රතිසංස්කරණය කෙරෙන මෙම ව්‍යාපෘතිය සඳහා වැය වෙතැයි ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 2600 කි. ආසියානු සංවර්ධන බැංකුව ඊට දායකත්වය සපයනු ලබයි.

    ව්‍යාපෘතිය වසර හතරකින් නිම කිරීමට නියමිත අතර මිණිපේ ගොවි ජනපදයේ ගොවි පවුල් 15,000 කට වඩා වැඩි පිරිසකට මින් ප‍්‍රතිලාභ සැලසේ.

    මිණිපේ වාරි ව්‍යාපාරයෙහි නිශ්චය වූ වගා බිම් හෙක්ටයාර් 7500 ක් දෙකන්නයේම වගාකර අස්වැන්න වැඩිකර ගැනීමට ද මෙම ව්‍යාපෘතිය තුළින් අවස්ථාව ලැබේ.

    අනතුරුව ජනාධිපතිතුමා ගොවි ජනතාව සමඟ සුහද කථා බහක ද නිරත වූ අතර ව්‍යාපෘතියෙහි කටයුතු නිසි ප‍්‍රමිතියකින් යුතුව සිදු කෙරෙනවාදැයි සොයා බැලීම දේශපාලනඥයින්ගේ, රාජ්‍ය නිලධාරින්ගේ මෙන්ම ගොවි සංගම් නායකයින්ගේ ද වගකීමක් බව කියා සිටියේය.

    හිටපු අග‍්‍රාමාත්‍ය දී.මු ජයරත්න, අමාත්‍යවරුන් වන විජිත් විජිතමුණි ද සොයිසා, එස්.බී. දිසානායක, රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අනුරාධ ජයරත්න, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක, ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්ම මහත්මීන් ඇතුළු මැති ඇමතිවරුන් ද, රාජ්‍ය නිළධාරින්, ගොවි සංගම් නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya