ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    තට්ටු 13ක නවීන හෘද රෝග විශේෂ ඒකකයක් ලබන වසරේ ඉදිකිරීමට පියවර

    ඔක්තෝබර් 07, 2016

    චීන රජයේ ආධාර ඇතිව තට්ටු 13ක නවීන හෘද රෝග විශේෂ ඒකකයක් ලබන වසරේ  ඉදිකිරීමට කටයුතු කරන බව  සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (07) පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 23(2) යටතේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

    කොළඹ ජාතික රෝහලේ හෘද ශෛල්‍ය ඒකක දෙකක් තිබෙනවා. එකක අලුත්වැඩියා කටයුතු සිදු කෙරෙනවා. එහි අවසන් පරික්ෂාව අද සිදු කෙරෙනවා. ඉන් අනතුරුව ලබන 15 දින ශෛල්‍ය කටයුතු ආරම්භ කරනවා. එය අලුත් වැඩියා කිරීමේ දී වායු සමීකරණ පද්ධතියේ අලුත්වැඩියාව නිසයි කල්ගත වුණේ.

    අලුත් වැඩියා කිරීම් නිසා හෘද රෝගීන් සිටින ගොඩනැගිල්ලෙන් රෝගීන් ඉවත් කිරීමට අවශ්‍ය නෑ. චීන රජයේ ආධාර ඇතිව තට්ටු 13ක නවීන හෘද රෝග විශේෂ ඒකකයක් ලබාදී තිබෙනවා.

    එහි ඉදිකිරීම් කටයුතු ලබන වසර  ආරම්භයේ දී ආරම්භ කරනවා. කුරුණෑගල හා යාපනය දිස්ත්‍රික්කවල වෙන වෙනම හෘද ඒකක ස්ථාපිත කෙරෙනවා. කුරුණෑගල හෘද උරස් ශෛල්‍ය ඒකකයක් කුරුණෑගල ස්ථාපිත කරනවා. ඒ සඳහා ඉඩ වෙන් කර තිබෙනවා. යාපනයේ හෘද රෝග ඒකකයක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබෙනවා. අවශ්‍ය වෛද්‍ය උපකරණ ඇණවුම් කර තිබෙනවා. ලබන වසරේ සිට විවෘත කිරීමට හැකිවෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya