ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ඕනෑම වේලාවක සාර්ක් සමුළුවට සහභාගී වන්නට සූදානම් - විදේශ කටයුතු අමාත්‍ය

    ඔක්තෝබර් 07, 2016

    කලාපීය සහයෝගීතාවයට කැපවූ රටක් ලෙස ඕනෑම වේලාවක සාර්ක් සමුළුවට සහභාගී වන්නට සූදානම් බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීම මහතා පවසයි.

    පාකිස්තානයේ පැවැත්වීමට නියමිතව තිබූ සාර්ක් සමුළුව අවලංගු කිරීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර අමාත්‍යාංශ ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා අද (07)පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය.

     

    කලපීය සහයෝගීතාවය පිළිබඳව  ප්‍රශ්නයක් ගැන කතා කරනවා,සාර්ක් සමුළුවේ මූලික සාමාජිකයෙක් ශ්‍රී ලංකාව. කලාපීය සහයෝගීතාවය සම්බන්ධයෙන් මුලින් ම ඉදිරිපත් වූරටක්. ඒ නිසා සාර්ක් සමුළුවේ මූලික ගිවිසුම්වලට අප ඇතුළත් වුණා. ලංකාවේ රජයන් දසක තුනක් පුරා,කලාපීය සහයෝගීතාවයට කැප වී සිටිනවා.

    ශ්‍රී ලංකාව සභාපතීත්වය දෙවරක් දැරුවා . ආර්ථික සංවර්ධනය,සමාජ සංවර්ධනය,සංස්කෘතික සංවර්ධනය කලාපයේ දියුණු කිරීමට අප කටයුතු කළා. අප සියලු පියවර ගෙන තිබීම ගැන සතුටු වෙනවා. අලුත් ක්‍රමවේදයන් සොයන්නට රටවල් සමඟ වැඩකරන්නට, සාර්ක් කලාපයේ ජනතාවගේ ජීවිත දියුණු කිරීම සඳහා එකතු වී වැඩකිරීමේ අගය අප දන්නවා.

     

    ඔවුන්ගේ ජීවිතවල සුබසාධනයට අප වැඩකර තිබෙනවා.වෙළඳ සබදතාවන් දියුණු කිරීමට, සංස්කෘතික සබදතාවන් දියුණු කිරීමට එක් එක් අයගේ සංස්කෘතීන් ප්‍රවර්ධනය කිරීමට  අපකටයුතු කර තිබෙනවා. තාක්ෂණික සහයෝගීතාවයත් ලබාගෙන තිබෙනවා.

    පාලනය ආරක්ෂාව, සංස්කෘතිය, කෘෂිකර්මාන්තය ගත් විට දියුණු කිරීමට වැඩකර තිබෙනවා.ආහාර සුරක්ෂිතතාව , කාලගුණ විපර්යාස,ආරක්ෂණය කටයුතු වලදී එකව වැඩකර තිබෙනවා. ප්‍රශ්න කතා කිරීමට සාමූහික වශයෙන් එයයි හොඳ.කලාපීය ව්සශයෙන් ප්‍රායෝගික විසඳුම් සොයාගන්නට පක්ෂපාතීභාය නොසලකා අප වැඩකර තිබෙනවා. සාර්ක් සංගමය ඉතා ප්‍රතිඵලදායි ක්‍රමවේදයක්,එය කලාපීය සුබසිද්ධිය උදෙසා වැඩකර තිබෙනවා.ද්විපාර්ශවික ප්‍රශ්න තිබෙන අවස්ථාවකදී  මේ අරමුණු අපට ළඟා කරගන්නට බෑ.කලාපය බෙදෙනවා.ත්‍රස්තවාදය ශිෂ්ඨාචාරවත් සමාජයකට ප්‍රශ්නයක්.

    සාර්ක් සම්මුතිය ඒ ආකාරයට ක්‍රියාත්මක කිරීම වැදගත්. ත්‍රස්තවාදය වැලැක්වීම සඳහා සියලු දකුණු ආසියාවේ නායකවරු,එකට වැඩකළ යුතුයි.ත්‍රස්තවාදය ඉලක්ක ජයගැනීමටඅවහිරයක්.

    අපේ රටවලට අවශ්‍යයි හොඳ යටිතල පහසුකම්,හොඳ අධ්‍යාපනය,හොඳ ආර්ථිකයන්, ඒ නිසා ප්‍රශ්නයක් ඇතිකරගන්නට බෑ. 19 සාර්ක් සමුළුව ඉස්ලාමාබාත් නුවර පැවැත්වීමටතිබුණා. කල් දැමීම පිළිබඳව අප දන්නවා. ශ්‍රී ලංකාවේ ආණ්ඩුව කිසිම අවස්ථාවක සමුළුවට සහභාගී නොවීමට  කිසිම තීරණයක් ගෙන තිබුණේ නෑ. චෝදනා කරන්නේ නොදැනුවත් කම පදනම් කරගෙනයි. අප සියලු තීරණ ගන්නේ ඒකමතිකවයි. සාර්ක් ප්‍රඥ්ඝ්නප්තිය අනුව ,ව්‍යවස්ථාව අනුව එක රටක් හෝ නායකයෙක් සමුළුවට නෝන්නේ නම් ඒ සමුළුව තියන්න බෑ.කීප වරක් මෙවැනි අවස්ථාවලදී සමුළු කදැමීමට සිදුව තිබෙනවා. ශ්‍රී ලංකාව අපගේ කණගාටුව ප්‍රකාශ කරනවා. එසේ කණගාටුව ප්‍රකාශ කළේ,ඒ වනවිටත් රටවල් කීපයක් සමුළුවට නෝන බව දැනුම් දීමෙන් පසුවයි.

     

    අපට කිසිම ප්‍රශ්නයක් තිබුණේ නෑ, සහභාගී නොවීම සම්බන්ධයෙන්. කලාපයේ වත්මන් තත්ත්වයත් අපගේ කණගාටුවත් ප්‍රකාශ කළා.කලාපයේ සහයෝගීතාවය සහ ආරක්ෂාව තහවුරු කළ යුතු යැයි අප ප්‍රකාශ කළා.කලාපීය සහයෝගීතාවයේ අගය  ඒ සඳහා කැපවූ රටක් ලෙස අප දන්නවා. අප ඕනෑ වේලාවක සූදානම් සමුළුවට සහභාගී වන්නට.කලාපයේ සියලු නායකයින් පසුගිය අසමත්වීම් අමතක කළ යුතුයි.එකතු වී වැඩක යුතු යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya