ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    සිව් දින නිල සංචාරයක් සඳහා ජනපති තායිලන්තය බලා පිටත්ව යයි

    ඔක්තෝබර් 07, 2016
    සිව් දින නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අද (07) පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් තායිලන්තය බලා පිටත්ව ගිය අතර ජනාධිපතිතුමා ඇතුළු දුත පිරිස අද දහවල් බැංකොක් නුවර ස්වර්ණභූමි ජාත්‍යන්තර ගුවන්තොටුපළින් එරටට ළඟාවිය.
     
    ගුවන් තොටුපළේ දී තායිලන්ත රජය වෙනුවෙන් එරට සංස්කෘතික අමාත්‍ය Vira Rojpojchanarat මහතා ඇතුළු විශේෂ නියෝජිත පිරිසක් විසින් මහත් හරසරින් යුතුව ජනාධිපතිතුමා පිළිගනු ලැබීය. විශේෂ හමුදා උත්තමාචාර ද සහිතව අභිමානවත් අයුරින් එම පිළිගැනීම සිදු විය.
     
    අනතුරුව ජනාධිපතිතුමා නවාතැන් ගන්නා හෝටලයේ දී ද ජනාධිපතිතුමා පිළිගැනීම වෙනුවෙන් විශේෂ උත්සවයක් තායිලන්තයේ ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලයේ නිලධාරින් විසින් සංවිධානය කර තිබුණි.
     
    ආසියානු කලාපයට පොදුවේ බලපාන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන ආසියානු සහයෝගිතා සමුළුව රටවල් 34ක සහභාගිත්වයෙන් හෙට (08) සිට ලබන 10දා දක්වා බැංකොක් නුවර දී පැවැත්වෙයි.
     
    ආසියානු කලාපයට බලපාන විද්‍යා හා තාක්ෂණය, අධ්‍යාපන, ආහාර සුරක්ෂිතතාවය, බලශක්තිය සහ ජලය, සංස්කෘතික හා සංචාරක කර්මාන්තය සහ තිරසාර සංවර්ධනය ආදී ක්ෂේත‍්‍ර 20ක් සම්බන්ධයෙන් මෙම සමුළුවේදී අවධානය යොමු කෙරෙන අතර ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා එහි දෙවන දිනය වන 9දා සමුළුව ඇමතීමට නියමිතය.
     
    ජනාධිපතිතුමා හෙට  (08) තායිලන්ත අග‍්‍රාමාත්‍ය Prayuth Chan-o-cha මැතිතුමා සමග ද්වී පාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
     
    තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන දෙවන ආසියානු සහයෝගීතා සංවාද සමුළුවට සහභාගීවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තායිලන්තය බලා පිටත්ව ගියේය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya