ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ඉරාන – ශී‍්‍ර ලංකා සබඳතා වඩා ශක්තිමත් කර ගැනීමට ප‍්‍රතිඥා

    ඔක්තෝබර් 11, 2016
    දීර්ඝකාලීන ඉතිහාසයකට හිමිකම් කියන ඉරාන – ශී‍්‍ර ලංකා සබඳතා ජාත්‍යන්තර තලයේදී වඩාත් ශක්තිමත් කර ගැනීමට දෙරටේ නායකයෝ ප‍්‍රතිඥා දෙති. තායිලන්තයේ සිව් දින නිල සංචාරයක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ඉරාන ජනාධිපති ආචාර්ය හසන් රෝහානි මැතිතුමා අතර හමුවක් ඊයේ (10) දහවල් බැංකොක් නුවර දී පැවැත්විණි.
     
    දෙරටේ සබඳතා වඩා ශක්තිමත් කර ගැනීමට මෙම හමුව මහත් ශක්තියත් බව මෙහිදී පැවසූ ඉරාන ජනාධිපතිවරයා නුදුරු දිනකදීම ඉරානයේ සංචාරයක නිරත වන ලෙස ද ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත ඇරයුම් කළේය.
     
    ඉරානය ශී‍්‍ර ලංකාවට තෙල් ලබාදීම තුළින් ශී‍්‍ර ලංකාවේ ආර්ථිකයට මනා දායකත්වයක් සපයන අතර ඉදිරියේදී එම කටයුතු වඩා ක‍්‍රමවත් කරන බව පැවසූ ඉරාන ජනාධිපතිවරයා දෙරට අතර ආනයන, අපනයන කටයුතුවලට ද නව ප‍්‍රවේශයක් ලබාදෙන බව පැවසීය.
     
    එමෙන්ම දෙරට අතර ද්විපාර්ශ්වික මිලදී ගැනීම් වැඩිදියුණු කර ගැනීමටද ඉරාන ජනාධිපතිවරයා මෙහිදී ජනාධිපතිතුමා වෙත යෝජනා කළේය.
     
    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ප‍්‍රකාශ කළේ ඉරානයේ සහ ශී‍්‍ර ලංකාවේ අභ්‍යන්තර ගැටලු පිළිබඳ දෙරටම මනා අවබෝධයකින් කටයුතු කරන බවයි.
     
    ශ‍්‍රී ලංකාවේ උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඉරාන රජය ලබාදෙන ආධාර පිළිබඳ මෙහිදී සිය ස්තූතිය පළ කළ ජනාධිපතිතුමා ආනයන, අපනයන කටයුතුවලදී මෙන්ම සංවර්ධන ක්ෂේත‍්‍රයේදී ද ඉරානය සහ ශී‍්‍ර ලංකාව සහයෝගයෙන් කටයුතු කරන බව පැවසීය.
     
    ආසියානු සහයෝගීතා සංවාද සමුළුව සමග ශී‍්‍ර ලංකාව සහ ඉරානය අතර ඇති ආර්ථික සහ වෙළෙඳ සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇති බව පැවසූ ඉරාන ජනාධිපතිවරයා මෙම සමුළුව තම රටවල් දෙකට මෙන්ම ආසියානු කලාපයේ සියලු රටවලට ඉතා වැදගත් බව කියා සිටියේය.
     
    එමෙන්ම යුද ජයග‍්‍රහණයෙන් පසු ශී‍්‍ර ලංකාව තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස සහ මානව අයිතීන් සුරක්ෂිත කිරීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ගෙන යන වැඩපිළිවෙළ ද මෙහිදී ඉරාන ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් විය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya