ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ආර්ථික සහ වෙළෙඳ ප‍්‍රතිලාභ රැසක් සමඟින් ජනපති යළි දිවයිනට

    ඔක්තෝබර් 11, 2016

    ආර්ථික සහ වෙළෙඳ ප‍්‍රතිලාභ රැසක් රටට දිනාදෙමින් සිය සිව් දින තායිලන්ත නිල සංචාරය සාර්ථකව නිමා කළ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඊයේ (10) රාති‍්‍රයේ යළි දිවයිනට පැමිණියේය.

    ආසියානු සහයෝගීතා සංවාද රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා ජනාධිපතිතුමා පසුගිය 07 වනදා දිවයිනෙන් පිටත්ව ගිය අතර සමුළුවට සමගාමීව තායිලන්ත අග‍්‍රාමාත්‍යවරයා සමඟ මෙන්ම ඉරාන ජනාධිපතිවරයා සමඟ පැවති ද්වි පාර්ශවික සාකච්ඡාවලදී ශී‍්‍ර ලංකාවට ආර්ථික සහ වෙළෙඳ ප‍්‍රතිලාභ රැසක් අත් කර දීමට ජනාධිපතිතුමා සමත් විය.

     

    ශී‍්‍ර ලංකාව සමඟ පවතින ද්වි පාර්ශවික සබඳතා සෑම අතින්ම ශක්තිමත් කර ගන්නා බවට තායිලන්ත අග‍්‍රාමාත්‍යවරයා එහිදී ජනාධිපතිතුමා හමුවේ සහතික වූ අතර ශී‍්‍ර ලංකාව සමඟ පවතින වෙළඳ සහ ආර්ථික සහයෝගීතාවය තවත් ඉහළ නැංවීමට ඉරාන ජනාධිපති ආචාර්ය හසන් රෝහානී මැතිතුමා ජනාධිපතිතුමා වෙත එකඟතාවය පළ කළේය.

     

    ආසියානු සහයෝගීතා රාජ්‍ය නායක සමුළුව අමතමින් ආසියානු කලාපය තුළ විද්‍යා, තාක්ෂණ සහ නවෝත්පාදන ක්ෂේත‍්‍රයේ පෙරගමන්කරු වීමට ශී‍්‍ර ලංකාව සූදානම් බවට ජනාධිපතිතුමා කරන ලද ප‍්‍රකාශය ද සමුළුවට සහභාගී වූ සියලු රාජ්‍ය නායකයින්ගේ විශේෂ අවධානයට ලක් විය.
    ඉතා කෙටි කලක් තුළ ශී‍්‍ර ලංකා නව රජය ගමන් කරමින් සිටින නිවැරදි දිශානතිය පිළිබඳ එහිදී රාජ්‍ය නායකයින් තම සතුට හා ප‍්‍රශංසාව ජනාධිපතිතුමා වෙත පළ කළේය.

     

    දෙවන ආසියානු සහයෝගීතා රාජ්‍ය නායක සමුළුවේ සමාරම්භක උත්සවය තායිලන්ත අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය 09 වනදා රාති‍්‍රයේ බැංකොක් නුවරදී පැවැත්වුණු අතර එහි විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගී වූ ජනාධිපතිතුමාට පැමිණ සිටි රාජ්‍ය නායකයින්ගෙන් සහ නියෝජිතයින්ගෙන් හිමි වූයේ ඉහළ පිළිගැනීමකි.

     

    මේ අතර තායිලන්ත අග‍්‍රාමාත්‍යවරයා විසින් ශී‍්‍ර ලංකා ජනාධිපතිවරයා වෙනුවෙන් සංවිධානය කරන ලද විශේෂ රාති‍්‍ර භෝජන සංග‍්‍රහයක් 08 වනදා රාති‍්‍රයේ බැංකොක් නුවරදී පැවැත්වුණු අතර දෙරටේ සමීප සබඳතාවය සහ මිත‍්‍රත්වය සංකේතවත්වන අයුරින් එය සංවිධානය කර තිබෙනු දක්නට ලැබිණි.

    මේ අතර තම සංචාරය තුළදී තායිලන්තයේ බැංකොක් නුවර පිහිටි ඓතිහාසික එමරල්ඞ් බුද්ධා විහාරස්ථානය වැඳ පුදා ගැනීමට ද අමතක නොකළ ජනාධිපතිතුමා ඇතුළු දූත පිරිස ඓතිහාසික ග‍්‍රෑන්ඞ් පැලස් රජ මාළිගය නැරඹීමට ද එක් වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya