ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    NSBM හරිත සරසවිය ජනපති අතින් විවෘත කෙරේ

    ඔක්තෝබර් 27, 2016
    දකුණු ආසියාවේ පළමු හා එකම හරිත සරසවිය වන අතිනවීන අංගසම්පූර්ණ පහසුකම්වලින් සමන්විත හෝමාගම, පිටිපන ඉදිකෙරුණු NSBM හරිත සරසවිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (26) පෙරවරුවේ විවෘත කෙරිණි.
     
    සිසුන් තිස් දහසකට එකවර අධ්‍යාපනය ලැබිය හැකි වන පරිදි හෝමාගම පිටිපන අක්කර 26ක භූමිභාගයක් පුරා හරිත සරසවිය ඉදිකර තිබෙන අතර ඊට වැය කර ඇති මුදල රුපියල් බිලියන 10 කි.
     
    නවීනතම දේශන ශාලා, පරිගණක විද්‍යාගාර, ශාරීරික අභ්‍යාස මධ්‍යස්ථාන, ගෘහස්ත ක්‍රීඩාගාර, ක්‍රීඩාපිටි, පිහිනුම් තටාක, ශිෂ්‍ය කේන්ද්‍ර මධ්‍යස්ථානයක්, අංග සම්පූර්ණ රඟහලක් හා ශ‍්‍රවණාගාරයක්, එළිමහන් රංග පීඨයක් ඇතුළු විශ්වවිද්‍යාලයක් සතු විය යුතු සියලු අංගයන්ගෙන් හරිත සරසවිය සමන්විතය.
     
    සමරු ඵලකය නිරාවරණය කර සරසවිය සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ප‍්‍රකාශ කළේ හරිත සරසවිය මේ රටේ අධ්‍යාපනයේ නව පරිවර්තනයක් මෙන්ම නව ගමනක ප‍්‍රවේශයක් සනිටුහන් කරනු ඇති බවයි.
     
    නවෝත්පාදන ආර්ථිකයක් ගොඩනැඟීම සඳහා අවශ්‍ය මානව සම්පත නිර්මාණය කිරීමේදී සැමවිටම නවෝත්පාදන අධ්‍යාපනය තුළ දරුවන් පුහුණු කිරීම අවශ්‍ය බවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
     
    රජයක් ලෙස අධ්‍යාපන අංශ සියල්ලම වර්ධනය කරමින් ප‍්‍රබුද්ධ රටක් මෙන්ම දැනුමෙන් පිරිපුන් සමාජයක් ගොඩනැගීමට අවශ්‍ය සියලු දොරටු විවෘත කරන බවද ජනාධිපතිතුමා එහිදී සඳහන් කළේය.
     
    හරිත සරසවිය සිසු අයිතියට පවරාදීම නිමිත්තෙන් විශේෂ සමරු මුද්දරයක් සහ මුල්දින කවරයක් ද නිකුත් කෙරුණු අතර තැපැල් අමාත්‍ය මොහොමඞ් හලීම් මහතා විසින් එය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.
     
    හරිත සරසවියේ ආකෘතිය රැගත් සමරු තිළිණයක් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.
     
    අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරු රැසක් ද, විදේශ තානාපතිවරුන්, දෙස් විදෙස් විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya