ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    විද්‍යාත්මක ක්‍රමවේදයකට සමෘද්ධි සහනාධාරලාභීන් තොරාගැනීමේ ක්‍රමවේදයක්

    ඔක්තෝබර් 27, 2016

    විද්‍යාත්මක ක්‍රමවේදයකට නව නිර්ණායක හා ක්‍රමවේදයක් අනුව සමෘද්ධි සහනාධාරලාභීන් තොරාගැනීමේ ක්‍රමවේදයක් සකස් කරන බව සමාජ සවිබලගැන්වීම් හා සුබසාධනඅමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (27) පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රී කනක හේරත් මහතා විසින් යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

     

    සමෘද්ධි සහනාධාරලාභීන් තොරාගැනීම සඳහා සමීක්ෂණයක් මේ වනවිටත් සිදු කර ඇති බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා,එම දත්ත මේ වනවිට පරිගණකගත කිරීමේ කටයුතු සිදු කෙරෙනබව පැවසී ය.

    සමීක්ෂණයෙන් අනතුරුව තෝරාගන්නා ලබන පවුල් සඳහා සහනාධර ලබාදීමට කටයුතු කරනවා. ලක්ෂ 25ක් පමණ සමීක්ෂණයට භජනය කර තිබෙනවා. මේ වසර අවසන් වීමටපෙර අඩු ආදායම්ලාභීන් හඳුනාගැනීමට හැකියාව ලබෙන බවද අමාත්‍යවරයා පිළිතුරු ලැබාදෙමින් පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya