ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 26 වන වාර්ෂික උපාධි ප‍්‍රදානෝත්සවය ජනපති ප‍්‍රධානත්වයෙන්

    නොවැම්බර් 03, 2016
    ශී‍්‍රමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 26 වන වාර්ෂික උපාධි ප‍්‍රදානෝත්සවය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (02) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි.
     
    උපාධිලාභීන් 708 දෙනෙකු මෙහිදී උපාධි ලැබූ අතර පශ්චාත් උපාධිධාරින් 166 දෙනෙකු ඒ අතර වේ.
     
    උපාධි ප‍්‍රදානය සංකේතවත් කරමින් 18 දෙනෙකුට උපාධි ප‍්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය.
     
    2016 වසරේ දක්ෂතම යුද හමුදා ශිෂ්‍ය භට නිලධාරියාට, දක්ෂතම නාවික හමුදා ශිෂ්‍ය භට නිලධාරියාට සහ දක්ෂතම ගුවන් හමුදා ශිෂ්‍ය භට නිලධාරියාට හිමි සම්මාන ද ජනාධිපතිතුමා අතින් පිළිගන්වනු ලැබුණි.
     
    මෙහිදි අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ උගත්, විනයගරුක හා ආදර්ශමත් චරිත බිහි කරන ශී‍්‍රමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය අද දවසට වඩා හෙට දවසේ විශිෂ්ට විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීම රජයේ අරමුණ බවයි.
     
    අද දින උපාධි ලැබූ සියලූදෙනාට තම සුබපැතුම් පළ කළ ජනාධිපතිතුමා ඔවුන් ලබන දෙස් විදෙස් දැනුම සහ අත්දැකීම් සමග හෙට දින ලෝකය ජයග‍්‍රහණය කිරීමට ඔවුන්ට හැකිවනු ඇති බව ද කියා සිටියේය.
     
    අමාත්‍යවරුන් වන විජයදාස රාජපක්ෂ, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන යන මහත්වරුන් ද ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී ඇතුළු ති‍්‍රවිධ හමුදාපතිවරුන් සහ ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද, ශී‍්‍රමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කුලපති දයා සඳගිරි මහතා ඇතුළු ආචාර්ය මහාචාර්යවරුන් උපාධි ප‍්‍රදානෝත්සවයට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya