ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ජර්මානු ව්‍යවසායක සමුළුවට අගමැති හොංකොං යයි

    නොවැම්බර් 03, 2016
    15 වන ජර්මානු ව්‍යාපාර සඳහා වූ ආසියා - ශාන්තිකර සමුළුවට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (03) හොංකොං බලා පිටත්ව යාමට නියමිතය.
     
    සමුළුව සංවිධානය කෙරෙන්නේ ආසියා ශාන්තිකර කලාපීය ව්‍යවසායකයන් සහ ජර්මානු ව්‍යවසායකයන් අතර සම්බන්ධතා ශක්තිමත් කරලීමේ අරමුණිනි.
     
    යුරෝපීය සංගමයේ ප්‍රමුඛතම රාජ්‍යයක් වශයෙන් ජර්මනියට මෙන්ම ආසියා ශාන්තිකර කලාපයටත් මෙවර සමුළුව වඩාත් වැදගත් වනුයේ යුරෝපීය සංගමයෙන් බ්‍රිතාන්‍යය වෙන් වීමෙන් පසු පැවැත්වෙන මුල්ම සමුළුව මෙය බැවිනි.
     
    හොංකොං වික්ටෝරියා වරාය අසබඩ පිහිටි හොංකොං ජාත්‍යන්තර සම්මන්ත්‍රණ හා ප්‍රදර්ශන ශාලාවේ අද සිට  05දා දක්වා සමුළුව පැවැත්වෙන අතර, ජර්මනියේ සහ ආසියා ශාන්තිකර කලාපයේ ප්‍රමුඛ නීති සම්පාදකයන්, විද්වතුන්, ව්‍යවසායකයින් ඊට සහභාගී වෙති.
     
    මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ විශේෂ සහයිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ද මේ සංචාරයට එක්වෙති.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya