ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    රටට නවෝත්පාදනය අත්‍යවශ්‍යයි - මේ යුගය නවෝත්පාදනයේ යුගයයි

    නොවැම්බර් 11, 2016

    රාජ්‍ය අංශය ක්‍රියාවලිය කාර්යක්ෂම කළ යුතුයි. කුසළතාව අනුව වැටුප් වර්ධක ලැබෙන ක්‍රමයක් රාජ්‍ය අංශයට ඉතාම අත්‍යවශ්‍යයි. රටට නවෝත්පාදනය අත්‍යවශ්‍යයි. මේ යුගය නවෝත්පාදනයේ යුගයයි'' යැයි මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.


    අමාත්‍යවරයා අද (11) පාර්ලිමේන්තුවේ දී අයවැය දෙවැනිවර කියවීමේ  විවාදයට එක්වෙමින් මේ බව පැවසීය.

    අයවැය කියන්නේ රාජ්‍ය මූල්‍ය පාලනයට පාර්ලිමේන්තුවට ලැබී තිබෙන ප්‍රධාන අවස්ථාවක්. මෙහි මූලික ප්‍රශ්න විසඳන්න හදලා ද නැද්ද කියලා සාකච්ඡා කරන්න ඕන. අප ඉදිරියේ තියෙන මූලික ගැටළු සහ සංවර්ධනය ගෙන යාම ගැන සමතුලිතභාවය ගෙන යාමට අයවැයෙන් උත්සහ කර තිබෙනවා.ප්‍රධාන උපාය මාර්ග සාකච්ඡා වුණා. දැනුම හා නවෝත්පාදන ආර්ථිකයට පිම්මක් ලබාදීම කතා වුණා.අපනයනය වර්ධනය කිරීමට අවශ්‍ය වන පහසුකම් සකසන්න කටයුතු කරනවා.

    රාජ්‍ය ප්‍රතිපත්ති තමයි අයවැයට පදනම වී තිබෙන්නේ. බදු  ප්‍රතිපත්තිය ගැන සඳහන් කළා.රජයේ ක්‍රියාදාමයට බදු අවශ්‍යයි. ක්‍රමාණුකූලව සකස් කරන්නයි රජයට අවශ්‍යය. මෙවර අයවැයෙන් මූලික පියවර තබා තිබෙනවා. කුඩා හා මධ්‍ය පරිමාණ වලට ශක්තිය ගෙන එන ලෙස බදු වෙනස් කිරීම වැදගත්. වැට් බදුවලින් ලැබෙන ආදායම වැඩි කරගැනීම වැදගත්.

    ණය බර පාලනය, පසුගිය දසකයේ ණය සංයුතියේ බරපතල වෙනසක් සිදු වුණා.පොළී අනුපාතය ඉහළ ගියා. ණය පාලනය කිරීම රටකට ඉතා අත්‍යවශ්‍යයි. එසේ නැතිනම් රටක් ආර්ථික වශයෙන් බංකොලොත්භාවයට පත්වෙනවා. හැම රටකටම මුහුණ දෙන්න සිදු වෙනවා.

    ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍යයි. මහපරිමාණ ණය ගෙවන්න වෙනවා. ණය ගෙවීම කාර්යක්ෂම කළේ නැත්නම් ඒ ක්ෂේත්‍රවල බරපතල ප්‍රශ්න ඇති වෙනවා. ඒ සඳහා මූලික පියවර රැසක් ගෙන තිබෙනවා.

    සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත පීඩනය පත් නොවන ලෙස බදු ක්‍රම ක්‍රියාත්මක විය යුතුයි. කිසියම් ප්‍රමාණයකට ඇතැම් සුඛෝපභෝගී භාණ්ඩ කීපයකට හෝ වට් බදු වලට ඇතුළත් කිරීම පිළිබඳව සතුටට පත් වෙනවා.බදු එකතු කිරීමේ හැකියාව සියයට 20%කින් වැඩි වී තිබෙනවා. ආදායම් එකතු කරන සෑම ක්ෂේත්‍රයක්ම ස්වයංක්‍රීය වීම තුළ ආදායම් එකතු කිරීමට හැකියාව ලැබෙනවා.

    රාජ්‍ය අංශයේ විශාල පිරිසක් සිටිනවා. රාජ්‍ය අංශය ක්‍රියාවලිය කාර්යක්ෂම කළ යුතුයි. කුසළතාව අනුව වැටුප් වර්ධක ලැබෙන ක්‍රමයක් රාජ්‍ය අංශයට ඉතාම අත්‍යවශ්යයි.ඒ තුළින් ඵලදායිතාව ඉහළ යනවා. උපාය මාර්ගික ආයතනවලට මේ කුසළතා ඇගයීම, සේවකයින් ඇගයිම අත්‍යවශ්‍යයි. ඒ සඳහා පියවර තැබිය යුතු කාලය පැමිණ තිබෙනවා. නගර ආශ්‍රිත පැල් පත් වාසීන් පිළිබඳ රජ්‍ය ආයෝජනය අවශ්‍ය වී තිබෙනවා. පසුගිය කාලයේ සියයට 40%ක් යොදවා තිබෙන්නේ මාර්ග පද්ධතියටයි. අද ප්‍රවාහන ක්ෂේත්‍රය විසින් ආර්ථිකය මත පීඩනයට පත් කරලා. වැය බර රට ආර්ථික ප්‍රශ්නයක්. මාර්ග තදබදය රටකට ආර්ථික අර්බුදයක්. පොදු ප්‍රවාහනය ශක්තිමත් කළ යුතුයි. ඉදිරි කාලයේ රාජ්‍ය ආයෝජනය ප්‍රවාහන ක්ෂේත්‍රයට ඇතුළත් කළ යුතුයි. මීට පිළියමක් ලෙස සැහැල්ලු දුම්රිය සේවය ආරම්භ කරන්න බලාපොරොත්තුවෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya