ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    පාසල් දරුවන්ට රක්ෂණයක් ලබාදීම වැදගත් කටයුත්තක්

    නොවැම්බර් 11, 2016

    පාසල් දරුවන් ලක්ෂ 45ක් සඳහා මෙවර අයවැයෙන් රක්ෂණයක් ලබාදීම ඉතාම වැදගත් බවත් රටේ පවුල් ලක්ෂ 35කට එය ප්‍රයෝජනවත් වන බව විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරයා අද (11) පාර්ලිමේන්තුවේ දී අයවැය දෙවැනිවර කියවීමේ  විවාදයට එක්වෙමින් මේ බව පැවසීය.

    බිලියන 635ක අයවැය පරතරයක් මෙවර තිබෙනවා. රාජ්‍ය සේවකයන් සඳහා වැටුප් ගෙවන්න වසරකට බිලියන 600ට වැඩි ප්‍රමාණයක් වැය වෙනවා. විශ්‍රාම වැටුප් දෙන්නත් රුපියල් බිලියන 400ක් පමණ වැය වෙනවා. රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීමත් වෙනුවෙන් රුපියල් බිලියන 2000ක් පමණ වැය වෙනවා. ඕනම රටක් ආදායම සොයා ගන්නේ බදුවලින්. බදු අයකිරීම ගැන වැඩි දෙනෙකු කතා කළා. බදු ගෙවිය හැකි පිරිසගෙන් වැඩි ප්‍රමාණයක් අයකරගෙන මේ අයවැය කළමනාකරණය කළයුතු වෙනවා. එසේ නොවන විට දේශීය වශයෙන් හෝ විදේශීය වශයෙන් ණය ගතයුතු වෙනවා. පසුගිය දශක දෙකක පමණ කාලයේ සිට බදු ප්‍රතිපත්තිය මත සිට කටයුතු කළා. කවුරු බලායේ සිටියත් ප්‍රශ්නවලට මුහුණ දියයුතු වෙනවා.

    වාණිජ බැංකුවලින් රුපියල් බිලියන 150ක් ණය ගත්තා. මෙයින් බිලියන 100ක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට දෙන්න හැකිනම් එය වැදගත්. මාර්ග සංවර්ධනයේ දී දේපළ අත්පත් කර ගැනීම සඳහා ද මුදල් ගෙවිය යුතු වෙනවා. තාක්ෂණ සහ ඉහළම මට්ටමේ කමිටුවකින් ඇගයීමකට ලක්කොට මුදල් යෙදවිය යුතු වෙනවා. ජාත්‍යන්තර තලයේ පවතින ප්‍රශ්න ද අපේ රටට බලපානවා. අද විවිධ රටවල් අඩු ශ්‍රමයක් තුළ තරඟකාරී ලෙස ලෝක වෙළෙඳපලට ගොස් තිබෙනවා. පාසල් දරුවන් ලක්ෂ 45ක් සඳහා රක්ෂණයක් ලබාදීම ඉතාම වැදගත් වෙනවා. මෙය අඩු තරමේ රටේ පවුල් ලක්ෂ 35කට ප්‍රයෝජනවත් වෙනවා. මේ අයවැය සකස් කිරීමේ දී අරමුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමුකර තිබෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya