ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    කරාඹුනැටි නිෂ්පාදනය ඉහළ දමීමට පියවර -අමාත්‍ය දායා ගමගේ

    නොවැම්බර් 12, 2016

    කරාඹුනැටි නිෂ්පාදනය ඉහළ දමීමට රජය පියවර ගන්නා බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දායා ගමගේ මහතා අද (12) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

    වර්ෂ 2015 වනවිට ශ්‍රී ලංකාවේ කරාඹුනැටි වගා කරනු ලැබූ භූමී ප්‍රමාණය හෙක්ටයාර 7649ක් බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය.කරාඹු නැටි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් නව වගා හඳුනවා දීම හා නිරෝගී පැල ලබා දීම,ධන සවිය මඟින් අක්කර කාලට අඩු වගාවන් සඳහා කරාඹුනැටි පැල ලබාදීම,වගා උපදෙස් ලබාදීම සහ වගාවට අදාළ ඵලදායීතාව වැඩි කිරීම සඳහා උපදෙස් හා ආයෝජන ආධාර ලබාදීම සිදු කරන බවද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya