ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    අයවැය තුලනාත්මක ඉදිරියට ගෙන යාමට ආයෝජකයන්ට අවස්ථාව සළසා දිය යුතුයි

    නොවැම්බර් 11, 2016

    අයවැය තුලනාත්මක ඉදිරියට ගෙන යාමට ආයෝජකයන්ට අවස්ථාව සළසා දිය යුතු බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (11) පාර්ලිමේන්තුවේ දී අයවැය දෙවැනිවර කියවීමේ  විවාදයට එක්වෙමින් මේ බව පැවසීය.

     

    ශ්‍රී ලංකාව ගෝලීය ආර්ථිකයේ පුරෝකථන ලබාගනිමින් 2017 අයවැය ඉදිරිපත් කිරීමට ගන්න උත්සහය කතා කළ යුතුයි. එහිදී රාජ්‍ය ණය බව අඩු කිරීම ගැන කතා කරනවා. අධ්‍යාපන හා සේවාවන් පවත්වාගෙන යාම නිසා විශාල මුදලක් රජයට දරන්නට සිදු වෙනවා. ආදායම් හා වියදම් සමාන වන අයවැයක් ඉදිරිපත් කරන්න බෑ. ලෝකයේ කිසිම රටකට එය කරන්න බෑ. ණය ගැනීම ආර්ථිකයට ඉසිලිය හැකි මට්ටමින් කළ යුතුයි. නැති නම් ණය ගෙවීමට නොහැකි රටක් බවට පත් වෙනවා. එවිට ලෝකය ණය ගෙවීමට නොහැකි රටක් ලෙස සළකනවා.

     

    බදු අයකරන්නේ නතිව වියදම කරන්නේ කෙසේද කියා තර්ක කරන්න ඕන. බදු ක්‍රමය තුළ හොඳ වැඩක් කර තිබෙනවා. බඳු අය කිරීම නොකර රජයකට වියදම පවත්වාගන්න හැකි හැකි මා විශ්වාස කරන්නේ නෑ.බදු ආදයමේ වර්ධනයක් ඇතිකරගත යුතුයි. බදු ආදායම පහළ යාම නිසා ජාතික ආදායම විශාල ප්‍රශ්නයකට මුහුණ පෑවා. ආයෝජන වැඩි කරගත යුතුයි.සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ට  නිෂ්පාදන දිරිගැන්වීමක් කළ යුතුයි. ඒ සඳහා අයවැයේ අවධානය යොමු කර තිබෙනවා.බදු සහන ක්‍රියාත්මක වීමේ දී අපේ අරමුණු ඉටුවිය යුතුයි.අපේ අයවැය තුලනාත්මක ඉදිරියට ගෙන යාමට ආයෝජකයන්ට අවස්ථාව සළසා දිය යුතුයි.

     

    රටේ නව නිෂ්පාදන වෙනුවෙන් මුදලක් වෙන් කළේ නෑ. රටක් දියුණු වෙන්න නම් පර්යේෂණ අංශයටත්, නව නිපැයුම්වලට මේ අයවැයෙන් උත්සහයක් දරලා තිබෙනවා. ආරම්භයක් ලෙස වැඩි අවධානයක් යොමු කර තිබෙන බවද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya