ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    විශාල සුබසාධනයක්, සංවර්ධනයක් සඳහා මුදල් වෙන්කළ සාර්ථක අයවැයක්

    නොවැම්බර් 12, 2016

    මෙවර අයවැයෙන් විශාල සුබසාධනයක්,සංවර්ධනයක් සඳහා විශාල මුදලක් කර තිබෙන බවත් සාර්ථක අයවැයක් ඉදිරිපත් කිරීම ගැන සතුටට පත් වන බවත් ජාතිවාදයෙන් ගිනිතැබූ  තිබුණු රටක, සුදු වෑන්වලින් තරුණයන් උස්සපු රටක අපි විශාල වෙනසක් කරලා තිබෙන බව සෞඛ්‍ය ,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව අද (12) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, අයවැය 2017 දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමිනි.


    උද්ධමනය සියයට 4ට අඩු කර තිබෙනවා.සංචාරක කර්මානයෙන් ඩොලර් බිලියන 3.5ක ආදායමක් අපිට ලැබී තිබෙනවා.අපනයන අඩු වීමට ප්‍රධාන හේතුව ආර්ථීක  අවපාතයයි. අපනයනයෙන් මිලියන11ක් අපි උපයා ගෙන තිබෙනවා.විදේශ රැකියා ආදායම මිලියන7000ක් ලැබී තිබෙනවා.මේ තත්ත්වය ඉදිරියට ගෙන ගියහොත් අපිට ආර්ථිකය නංවා ගත හැකියි.රාජ්‍ය සේවක වැටුප් දීමනා සඳහා විශාල මුදලක්  වැය කරනවා.සහනාධාර සඳහා බිලියන 184ක් පොලි ගෙවන්න විතරක මිලියන  684ක් වෙන් කර තිබෙනවා.අයවැය හිගය 2016 වන විට සියයට 5.4ක අඩු කර  ගැනිමට හැකි වී තිබෙනවා.උසස් පෙළ දෙලක්ෂයක් වූ සිසුන්ට ටැබ් පරිඝනක ලබා  දීමට මේ අයවැයෙන් කටයුතු කර තිබෙනවා.ඒ සඳහා මුදල් වෙන් කර තිබෙනවා.සෑම සිසුවෙකුට රුපියල් ලක්ෂ දෙකක රක්ෂයක් ලබා දී තිබෙනවා.

     

    වයඹ  සරසවියට වෙනම වෛද්‍ය පීඨයක් වෙන් කිරිමටත් නේවාසිකාගාර 24ක් සඳහාත් මුදල් වෙන් කර තිබෙනවා.මේ නිසා තමයි හොල්මන් අයවැය කියලා කිව්වේ.විශ්ව  විද්‍යාලයට යාමට ලකුණු අඩු වූ සිසුන්ට රුපියල් ලක්ෂ අටක් පුද්ගලික විශ්ව විද්‍යාල වලට යාමට පොලී රහිත ණයක් ලබා දෙනවා.මහනුවර රෝහලේ බොන් මැරෝ  ට්‍රාන්ස්ෆ්ලාන්ට් යුනිට් එකක් ලබන වසරේ හදනවා මේ සඳහා මුදල් වෙන් කර තිබෙනවා.වකුගඩු රෝගීන්ට ආබාධිත රණවිරුවන්ට දීමනා වැඩි කර තිබෙනවා.

     

    රජයේ රෝහල්වලට මිලියන 45.2ක් සහනාධාර සඳහා මිලියන 222ක් වෙන් කර  තිබෙනවා. විශ්‍රාම වැටුප් අනත් දරු ආධාර වලට පසුගිය වසරට වඩා වෙන් කර  තිබෙනවා.ණය කන්දරාවකට යටත් වී තිබෙන මේ රට අයවැයෙන් විශාල සහන  රැසක් ලබා දී තිබෙනවා.ලක් සතොස ව්‍යාප්ත කිරිමට මිලියන 500ක් ඇතුලු රාජ්‍ය  ආයතන පෝෂණය කරමින් ගොවියන් ආරක්ෂා කරමින් සහන ලබා දුන් අයවැයත් මෙවර ඉදිරිපත් කර තිබෙනවා.

    විශාල සහනයක් ඇති කර තිබෙනවා.විශාල සුබසාධනයක්, සංවර්ධනය සඳහා මුදල්වෙන් කර තිබෙනවා. මාධ්‍යවේදීන්ට පොළී රහිත ණය වෙනුවෙන් මිලියන 100ක් වෙන් කර තිබෙනවා. වකුගඩු රෝගීන්ට මිලියන 747ක් වෙන් කර තිබෙනවා. ආබාධිත රනවිරුවන්ට බිලියන 27.2ක් වෙන් කර තිබෙනවා. සියයට 50%කින් ගෙවන මුදල් ප්‍රමාණය වැඩි කර තිබෙනවා.රජයේ රෝහල්වලට  බිලියන 45.2ක් වෙන් කර තිබෙනවා. රටේ ආර්ථිකය වැඩි කරලා, උද්ධමය පාලනය කරලා, සාර්ථක අයවැයක් ඉදිරිපත් කිරීම ගැන සතුටට පත් වෙනවා.

    අවුරුදු 45ක් උත්සහ කළ බෙහෙත් මිළ අඩු කළා.මේ රජ්‍ය ආයතන පෝෂණය කරන්නයි මුදල් වෙන් කරලා, රජ්‍ය නිලධාරීන් ආරක්ෂා කරනවා. කොහොමද පෞද්ගලික කරණය කියලා කියන්නේ. අයවැය ලේඛනය හැදුවේ සියලු ගම්වල ඇවිදලා, ඉතිහාසයේ පළමුවරට   කැබිනට් මණඩල්යේ දී අයවැයට කලින් පැහැදිළි කළේ . අපි මෙතැනට ආවේ අයවැය දැනගෙනයි. එදා එහෙම වුණේ නෑ. සමහරු හිතන් ඉන්නවා මේ ආණ්ඩුව වැටෙයි කියලා. මේක ඉවර වෙන්නේ 2020 දී. මේ රටේ ඉදිරියේ දී ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ එනවා. යහපාලන රජයක් බිහිකර තිබෙනවා. ජාතිවාදයෙන් ගිනිතැබූ  තිබුණු රටක, සුදු වෑන්වලින් තරුණයන් උස්සපු රටක අපි විශාල වෙනසක් කරලා තිබෙනවා. අද ජනාධිපතිවරයාට බනින්න නිදහස තිබෙනවා. යහපාලනය කියන්නේ ඔලුවට අත හෙදීමක් කියලා හිතන්න එපා.මේ රට හදන මේ යුගය, අපි ආවේ බෙල්ල දීලා.මිනිස්කම රජකරන රටක් හදනවා. අපි කැපවෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya