ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    මූල්‍ය අංශය ප්‍රතිසංස්කරණයකට ලක් කළ යුතුයි - අයවැය හොඳම ක්‍රමයට ඉදිරිපත් කර තිබෙනවා

    නොවැම්බර් 12, 2016

    රජයේ වියදම අඩුකරගන්න හැකි වී තිබෙනවා.ආදායම වැඩි කරගන්න හැකි වී තිබෙනවා. ආර්ථිකය ශක්තිමත් කිරීමට මූල්‍ය අංශය ප්‍රතිසංස්කරණයකට ලක් කළ යුතු වෙනවා.මේ අයවැය හොඳම ක්‍රමය ට ඉදිරිපත් කර තිබෙනවා යැයි  මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව අද (12) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, අයවැය 2017 දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමිනි.


    අයවැය සාකච්ඡා වාර රාශියක් විවිධ ක්ෂේත්‍ර සමඟ කළා. සම්මුතිවාදී අණ්ඩුවක දෙවන අයවැය ලෙසයි උඉදිරිපත් වුණේ. පක්ෂ දෙකක ආර්ථික ප්‍රතිපත්ති, රටේ ආර්ථික තත්ත්වය, ජනතාවට බරක් නැතිව අයවැය ඉදිරිපත් කරන්න පුලුවන්ද කියන කාරනා තුන බැලුවා. ජනතාව බලාපොරොත්තු වුණා, ආර්ථික තත්ත්වයේ වෙනසක් ඇති කරන්න පුලුවන්ද කියලා. 2015 ආර්ථික වර්ධනය සියයට 4.8%කට පමණයි වර්ධනය වුණේ. මේ කාලයේ විවිධ ප්‍රශ්න ලෝකයේ ඇති වුණා. ලෝකයේ අසාමාන්‍ය යුද තත්ත්වය, තෙල් අර්බුදය එක්ක ලෝකයේ ආර්ථික වර්ධනය ඉදිරියට යන්න බැරි වුණා.


    උද්ධමනය අඩු කරගන්න පුළුවන් වුණා.රුපියලේ අගය තියාගෙන හිටියේ කොහොමද? රුපියල පාලනය කිරීම තුළ අපනයනය අඩු වුණා. රජයේ වියදම අඩුකරගන්න හැකි වී තිබෙනවා. ආදායම වැඩි කරගන්න හැකි වී තිබෙනවා. ආර්ථිකය ශක්තිමත් කිරීමට මූල්‍ය අංශය ප්‍රතිසංස්කරණයකට ලක් කළ යුතු වෙනවා. වියදම් කළමනාකරණය කරලා,අයවැය අධීක්ෂණය කිරීමේ ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා. අයවැය හිඟය 3.5 දක්වා අඩු කරගන්න ඉලක්කයක් තිබෙනව. සාර්ව ආර්ථික පරිසරය වැඩි දියුණු කිරීමට ඉදිරියේ දී කටයුතු කරනවා.

    සමහර යෝජනා දීර්ගකාලීන ආයෝජනවලට යන්නේ. 2017 වසර දුප්පත්කම තුරන් කිරීමේ වර්ෂය ලෙස නම් කරල එය ඇතුළ් කර තිබෙනවා. රජයේ සියලු අංශ මෙයට දායකවිය යුතුයි. දුර්වල ආයතනවලට සම්බන්ධ කරනවා. පෞද්ගලික අංශයේ සහයත් අවශ්‍යයි. අපනයකරුවන් ධෛර්යමත් කරන්න කටයුතු කරනවා. ආර්ථික විෂමතාව අඩුකරගන්න කටයුතු කළ යුතු වෙනවා. ග්‍රාමීය සංවර්ධනය, කෘෂිකර්ම සංවර්ධනය, පෞද්ගලික අංශය දිරිමත් කිරීම යෝජනා කර තිබෙනවා.

    මේ දිශානතිය පෙන්වන ප්‍රධාන ලියවිල්ල අයවැයයි. එළියට ගිහින් විවේචනය කරන්න පුළුවන්, ප්‍රතික්ෂේප කරන්න බෑ.48 ලක්ෂයක් දරුවන්ට රක්ෂණයක් ලැබෙනවා නම්, දරුවන් පිළිබඳව බිය නැති වෙනවා. දරුවන්ට පිළිගැනීමක් දී තිබෙනවා. මේ වෙනස කරන්න ඕන. ආයෝජන ඇති කරන්න ඕන. අපිට තීන්දු තනිව ගන්න බෑ. මේ අයවැය හොඳම ක්‍රමය ට ඉදිරිපත් කර තිබෙන්නේ යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya