ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    වියළි කාලගුණික තත්ත්වයක් තුළ ජලය රඳවා ගැනීම ගැන සාකච්ඡාවක්

    නොවැම්බර් 13, 2016

    වියළි කාලගුණික තත්ත්වයන්හිදී උතුරු මැද පළාතේ වැව් සහ ජලාශවල ජල මට්ටම පහත යාමට නොදී ජලය රඳා පවත්වා ගැනීම සඳහා වූ තවත් යෝජනා සහ සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අදාළ නිලධාරීන් අතර පසුගියදා පැවැත්විණි.

    ජනාධිපති කාර්යාලයේදී පැවැති මෙම සාකච්ඡාවේ දී වැසි රහිත කාලවලදී වැව් සහ ජලාශවල ජල මට්ටම රඳා පවත්වා ගැනීම සඳහා රජය මේ වනවිටත් ගෙන ඇති ක‍්‍රියාමාර්ග පිළිබඳව ද අදහස් පළ කෙරිණි.

    එමෙන්ම තව දුරටත් ජල අවශ්‍යතාවය වෙනුවෙන් යෝජිත නව ක‍්‍රමවේදයන්ට අනුගතව මහවැලි ගංගාවෙන්, කාලිංගනුවර ප‍්‍රදේශයේ සිට අංගමැඩිල්ල අමුණ දක්වාත් අංගමැඩිල්ල අමුණේ සිට මින්නේරිය වාරි පද්ධතිය දක්වාත් ජලය පොම්ප කිරීමේ ඇති හැකියාව පිළිබඳව ද අදාළ නිලධාරීන් ජනාධිපතිතුමා දැනුවත් කළහ.

    මෙම නව යෝජනාව සම්බන්ධයෙන් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේත්, වනජීවී සහ වාරිමාර්ග යන දෙපාර්තමේන්තුවලත් ඉහළ නිලධාරීන් සාකච්ඡා කර තාක්ෂණික කමිටුවක් පිහිටුවා ඉදිරි සතියක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙසත් ඉන් අනතුරුව ඉදිරි ක‍්‍රියාමාර්ග ගැනීමටත් මෙහිදී ජනාධිපතිතුමා තීරණය කළේය.

    මේ අවස්ථාවට අදාළ අමාත්‍යාංශ ලේකම්වරු, දෙපාර්තමේන්තු ප‍්‍රධානීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya