ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ජලගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් යළි සළකා බලීමට තීරණයක්- ත්‍රිපුද්ගල කමිටුවක්

    නොවැම්බර් 15, 2016

    ජලගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් යළි සළකා බලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කළ බවත් මේ සම්බන්ධයෙන් ඇමති මණ්ඩල රැස්විමේදි සාකච්ඡා කළ බවත් රාවුෆ් හකීම් මහතා අද (15) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.  


    ජල ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කරන ලද එම කමිටුවේ නිර්දේශ වලට අනුව,දැනට වැඩි කිරිමට නියමිතව තිබූ  මිල ගණන් වලට අනුව ජල ගාස්තු තවත් අඩුවිය හැකි බවද ඇමතිවරයා පැවසීය.

    දෙසැම්බර් පළමුවැනිදා සිට ජලගාස්තු වැඩිකිරීමට යෝජනා වි තිබුනත් සමෘද්ධි ලාභීන් ලක්ෂයකට වඩා පිරිසක් වෙනුවෙන් ජල බිල්පත් වැඩි‍ නොකළ බවද ඇමතිවරයා සඳහන් කළේය.එමෙන්ම පාසල්, පුන්‍යායතන, පොදු ස්ථාන හා නාගරික වතු  ජනාවාස,වතු වල ජල ගාස්තු සුළු වශයෙන් වැඩිකර තිබූ බවත් ඇමතිවරයා සඳහන් කළේය. ජල ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සොයා බැලීම‍ට පත්කරන ලද කමිටුවේ වාර්තාවට අනුව එම සුළු වැඩිවීමද අඩුවිය හැකි බවද ඇමතිවරයා පැවසීය.ප්‍රජාමූල ජල ව්‍යෘපෘති වලට අදාළ ජල පාරිභෝගීකයින්ගේ ජල ගාස්තු වැඩිකරන ලද්දේ ඒකකයකට රුපියල් තුන බැගින් බවද ඇමතිවරයා පෙන්වාදුන්නේය.

    මාසික ස්ථාවර ගාස්තුව රුපියල් පනහේ සිට රුපියල් දෙසිය පනහ දක්වා වැඩිකිරීමට හේතු සාධක පහක් ඉදිරිපත් කළ ඇමතිවරයා 2012 වසරේ සිට ජලගාස්තු වැඩිවී නොමැති බවත් පැවසීය.

    එමෙන්ම ජල ඒකකයක් සඳහා රජය රුපියල් 48ක් වැයකළත් පාරිභෝගිකයින්ගෙන් අයකරනු ලැබුවේ රුපියල් 38ක් බවද ඇමතිවරයා පැවසිය.කෙසේ වුවද ජල බිල්පත් වැඩිකරමින් පාරිභෝගිකයින් අපහසුවට පත්කිරීමට කිසිසේත් උත්සාහ නොකළ අතර ජනතාවට දැරිය හැකි මිලකට ජලය සැපයීම සිදුකරන බවත් ඇමතිවරයා අවධාරණය කළේය.

    එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    අවසන් වරට ජල ගාස්තු වැඩිවූයේ 2012 වසරේදියි.2015දී නැවත ජල ගාස්තුවක් වැඩිකළ යුතු බවට නැවත සළකා බැලීමක් කළා.අද වනවිට නඩත්තු ගාස්තු සියයට හතලිහකින් වැඩිවී තිබෙනවා.ජලය සුරක්ෂිතතාවය වෙනුවෙන් අපි බොහෝ දේවල් කර තිබෙනවා.කොළඹ නල ජල පද්ධතිය ප්‍රතිසංස්කරණය කළා.ඒ මගින් අපතේ යන ජල ප්‍රමාණය අඩුකළා.2016   දෙසැම්බර් 01 වැනිදා සිට ජල ඒකක 15 ක් සඳහා රුපියල් 310 සිට 540 දක්වා වැඩිකිරීමට තිබුණා.නමුත් එය ක්‍රයාත්මක නොකර තවත් අඩුකරනවා.එක් එක් නිවෙස් වල ජල ඒකක ප්‍රමාණය අඩු වැඩි වශයෙන් පරිහරණය කළත් ස්ථාවර ගාස්තුවක් තිබිය යුතුයි.ජල ඒකක 10 ක් පරිහරණය කරන නිවෙස් එක් ලක්ෂ දස දහසක් තිබෙනවා.ඊට අඩුවෙන් පරිහණයකරන නිවාස ඒකකත් තිබෙනවා.පස් දෙනෙකුගෙන් යුත් පවුලකටජල ඒකක 15ක් අවශ්‍ය වෙනවා යැයි ද පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya