ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම පළතුරු ගම්මානයක්

    නොවැම්බර් 16, 2016

    පළතුරු ගම්මාන වැඩසටහන වසර 2017 දී  ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇතැයි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා පවසයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් වස විසෙන් තොර කෘෂිකර්මාන්තය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අද (16) පාර්ලිමේන්තුවේ දී විමසූ වාචික පැනයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

    මෙවර අයවැයෙන් මේ පිළිබඳව යෝජනා වී තිබෙන බව කී අමාත්‍යවරයා ජනාධිපතිතුමාගේ ජාතික ආහාර වැඩසටහන යටතේ මෙම පළතුරු ගම්මාන වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බව පැවසී ය.

    ඒ අනුව සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම පළතුරු ගමානයක් පිහිටුවීමට පියවර ගන්නා බවත් මෙරට පළතුරු නිෂ්පාදනය සිදු කිරීමට ඒ අනුව හැකිවනු ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    තවද, කාබනික පොහොර භාවිත කිරීම සම්බන්ධයෙන් අඳහස් දැක්වූ අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා පවසා සිටියේ,කාබනික පොහොර සෑම භෝගයකට යොදාගැනීමටගොවීන් දැනුවත් කර තිබෙන බවත් සෑම ගොවිජන සේවා මධ්‍යස්ථානයකම කාබනික පොහොර කාර්යාලයක් විවෘත කර තිබෙන බවත් ලබන වසරේ සිට මෙම වැඩසටහනද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බව ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya