ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ජාතික සංහිඳියාව තවදුරටත් පවත්වා ගැනීමට රජය කටයුතු කරනවා

    නොවැම්බර් 17, 2016

    ජාතික සංහිඳියාව තවදුරටත් පවත්වා ගැනීම සඳහා රජය කටයුතු කරමින් සිටින බවත් නව දැක්මකින් රජය කටයුතු කරන බව විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා අද (17) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ,අයවැය 2017 දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමිනි.

    පසුගිය රජය අපේක්ෂා කළ ජනවරම ජනතාව විසින් ප්‍රතික්ෂේප කළා. ඔවුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බලය ලබාදුන්නා. එය ජනතාවගේ තීන්දුවක් වෙනවා.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එය සිදුව තිබෙනවා. රටේ සියලු දෙනාටම අවශ්‍ය වුණේ සැබෑ ප්‍රජාත්නත්‍රවාදී පාලනයක් දැකීමයි. සැම දෙනාටම රටේ පාලනයට සම්බන්ධ වන්න පුළුවන්. ජනතාවගේ කැමැත්ත මත මැතිවරණ පැවැත්විය යුතු වෙනවා. නිදහස් හා සාධාරණ මැතිවරණ ක්‍රියාදාමයක් රටකට අවශ්‍ය වෙනවා.  

     

    ජාතික සංහිඳියාව තවදුරටත් පවත්වා ගැනීම සඳහා රජය කටයුතු කරමින් සිටිනවා. නව දැක්මකින් රජය කටයුතු කරනවා. සමාජයේ විවිධ අංශයන්හි සබඳතා වැදගත්. ඒ වෙනුවෙන් ප්‍රතිසංස්කරණ සකස්කර තිබෙනවා.

    ජාතීන් අතර පොදු එකඟතාව ද මෙහිදී වැදගත් වෙනවා. මේ රට වෙනුවෙන් හොඳ අනාගතයක් නිර්මාණය කරන්න රජය කැපවී සිටිනවා. නව ව්‍යවස්ථාවක් ඇතිකරන්න අපි කැපවී සිටිනවා. ප්‍රධාන පක්ෂ දෙක පසුගිය කාලයේ සිට ආණ්ඩු කළා. මේ පක්ෂ දෙක එක්ව නව ගමනක් යන්න ප්‍රයත්න දරනවා. මේක අලුත් දෙයක්. මීට පෙර සිදුව නැහැ. නොබෙදුණු රටක් නිර්මාණය කරන්න අවශ්‍යයයි. අපේ අනාගත දැක්ම සාක්ෂාත් කරගන්න මේ තුළින් හැකිවෙනවා.

     

    අපේ ණය ප්‍රමාණය විශාල ප්‍රමාණයක් වෙනවා. අපේ ආදායමින් සියයට 90කට වඩා ණය ගෙවන්න සිදුවෙනවා. විශාල සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් සිදුකරන අධික වියදම්, යටිතල පහසුකම් සංවර්ධනය ආදිය හේතුවෙන් ණය ඉහළ ගොස් තිබෙනවා. අපතේ යාම හා නාස්තිය ද මේ සඳහා බලපානවා. මේ අධික ණය ගෙවීමේ දී සංවර්ධනය සිදුකිරීම පහසුවන්නේ නැහැ. අපේ අපනයන දියුණු කරමින් එම අගය ඉහළ නංවා ගතයුතු වෙනවා. අපිට සංවර්ධනය සඳහා සංචාරක ක්ෂේත්‍රය ද දියුණු කළයුතු වෙනවා යැයි ද විපක්ෂ නායකවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya