ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ගුරුවරු 48,000ක් බඳවා ගැනීමට පියවර - අධ්‍යාපන අමාත්‍ය

    නොවැම්බර් 17, 2016

    ගුරුවරු 48,000ක් මේ වසර තුන හතර තුළ බඳවා ගෙන අවසන් කිරීමට  බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.

    අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව අද (17) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

    බඳවා ගත් පමණින් ගුරු පත්වීම් දෙන්නේ නෑ. හොඳ පුහුණුවක් දෙනවා. ගුරු හිඟය ප්‍රශ්නයට විසඳුම් සොයන්න අවශ්‍ය පියවර ගනිමින් යනවා. ගුරුවරු 40,000කට වැඩි ප්‍රමාණයක් බඳවා ගන්නට අතිගරු ජනාධිපතිතුමා සහ අග්‍රමාත්‍යතුමා අනුමැතිය ලබා දී තිබෙන බවද අමාත්‍යවරයා පැවසී ය.

    ඉදිරියේ දී ඒ ඒ විෂයන් අනුව ගුරුවරු බඳවා ගන්නවා. පසුගිය කාලයේ වැරදි වැඩ නිසා ගුරු හිඟය 60,000ක් තිබෙනවා. ගුරු අතිරික්තය 40,000ක් තිබෙනවා, වැරදි මාරුවීම් ක්‍රමවේදය නිසා. ඇත්තෙන් ම ගුරු හිඟය 20,000යි. ගුරුවරු 48,000ක් මේ වසර තුන හතර තුළ බඳවා ගෙන අවසන් කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya