ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    තරුණ තරුණියන්ට වෘත්තීය පුහුණුව - සංවර්ධනයට උපරිම දායකත්වය ගතහැකි වැඩසටහන් සිදුකරනවා

    නොවැම්බර් 21, 2016

    තරුණ තරුණියන් වෘත්තීය පුහුණුවට යොමු කිරීමට බලාපොරොත්තු වන බවත් තරුණ තරුණියන් සංවර්ධනයට දායක කරගත යුතු බවත් සංවර්ධනයට තරුණ තරුණියන්ගේඋපරිම දායකත්වය ගත හැකි වැඩසටහනක් අමාත්‍යාංශය මඟින් සිදුකරගෙන යන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා ප්‍රකාශ කරයි.


    ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා අද (21) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ ය.


    අග්‍රමාත්‍යතුමා විමධ්‍යගත මුදල විශාල ප්‍රමාණයකින් වැඩිකර තිබෙනවා. මන්ත්‍රීවරුන්ට තම දිස්ත්‍රික්කයට ගිහිල්ලා,ජනතා ඉල්ලීම් පරිදි වැඩකරන්න හකි වී තිබෙනවා. පසුගිය වසරේ ,මිලියන 3375ක් මුදල් වෙන් කරලා, සියයට 90%ක ප්‍රගතියක් මේ වසර අවසන් වීමට පෙර ලබාගන්නවා.

     

    ගිය වසරේ ලක්ෂ 10ක වැඩසටහන ඉතාම වැදගත් වුණා, ග්‍රමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට. අපි තීරණය කර තිබුණා,මිලියන 13,300ක් වෙන්කරලා, ජනතා අඳහස් අනුව  දේශපාලන අධිකාරියේ නායකත්වය යටතේ, මේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා.


    අද ආර්ථිකය ගෝලීය ආර්ථිකයත් සමඟ  බද්ධ කළ යුතුයි. ගෝලීය ආර්‍තිකය සමඟ බද්ධ කරන විට විවිධ රටවල් විවිධ වකවානුවල,මේ ගෝලීය ආර්ථිකය සමඟ බද්ධ වුණා. අපි පාඩම් ඉගෙන ගත යුතුයි. අපේ මානව සම්පත උපයෝගී කරගෙන ඉදිරියට යන ප්‍රතිපත්ති සැලසුමක් රජාය් ඉදිරිපත් කර තිබෙන්නේ.

    වෙළඳ ගිවිසුම් හරහා විශාල වෙළඳපොළවල් අපි විවෘත කරගෙන ආර්ථිකය කර්යක්ෂම කර වඩාත් සාධාරණ ලෙස සම්පත් මේ රටට ගෙනැල්ලා, අපි තරුණ පරපුරට වැඩි ආදායම් ලබාදීලා, ඉදිරියට යන්න පුළුවන් වාතාවරණයක් සකස් කිරීමට  රජය කටයුතු කර තිබෙන බවද අමාත්‍යවරය පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya