ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ජනතාව ණය උගුලෙන් බේරාගැනීමේ වගකීම අපට තිබෙනවා - අගමැති

    නොවැම්බර් 21, 2016

    විශාල සංවර්ධන තීරුවක් ඇතිකරගන්න තිබෙනවා. සැලැස්ම ක්‍රියාත්මක කරන්න ආයෝජකයන් ගේන්න ඕන. මේ රටේ වර්ධන වේගය සියයට 7%කට ගේන්න තිබෙනවා. ජනතාව ණය උගුලෙන් බේරාදීමේ වගකීම අපිට තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

    අග්‍රාමත්‍යවරයා අද (21) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, අයවැය 2017 කාරක සභා අවස්ථාවේ දී ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය වැය ශීර්ෂයේ විවාදයට අඳහස් දක්වමිනි.


    දිස්ත්‍රික් සංවර්ධන කොමිටි ප්‍රාදේශීය සංවර්ධන කොමිටි ක්‍රියාත්මක වීම ගැන. ජාතික ආණ්ඩුවක් ඇති කර තිබෙන්නේ.අත්හදාබැලීමක් හැටියට පක්ෂ දෙකෙන් ම සභාපතිවරු පත් කර තිබෙන්නේ. නම් කර තිබෙන අය මනාප සංඛ්‍යාවක් ලබාගත් අයයි. දැනුමක් තිබෙන කණ්ඩායම් ඉන්නේ. මේ පක්ෂ හැර අනෙක් පක්ෂ ඉවත් කර නෑ. හැමෝටම සහභාගීවන වෙනවා . එන වසරේ වෙනම පක්ෂ නායක සමඟ සාකච්ඡවක් පවත්වන්න, මන්ත්‍රීවරු දිස්ත්‍රික් කමිටු වැඩකටයුතුවලට සහභාගී වෙන්නේ කියලා.

    දිස්ත්‍රික් සියලු ව්‍යාපෘති  එකතු කරලා, අවුරුදු තුනක සැලැස්මක්  සකස් කරන්න පුළුවන්. සමාලෝචනය සාකච්ඡා කරන්න පුළුවන්.  සංවර්ධන සැලසුම් හදන අවස්ථාවේ දී සියලු දෙනා සහභාගි විය යුතු වෙනවා.


    මේ ආමාත්‍යාංශය මඟින් ජාතික ප්‍රතිපත්තිය පිළිබඳ  කටයුතු කිරීම . ප්‍රතිපත්තිය ගැන ඉස්සර වගකිව්වේ නෑ. දෙවනුව තිබෙන්නේ, ආර්ථික කටයුතු ගැනයි. විශාල ණයක් තිබෙනවා. ආර්ථික කළමනාකරණ කැබිනට් මණ්ඩලයක් තිබෙනවා. අපේ අවධානය යොමු කර තිබෙනවා කොහොමද මේ ණය ගෙවන්නේ කියලා . ඇති වුණේ කොහොමද කියලා දන්නවා. අපි කිව්වා ජනතාව ණය උගුලෙන් බේරනවා කියලා.ඒ බේරාදීමේ වගකීම අපිට තිබෙනවා.  කොහොමද ණය උගුලෙන් බේරාගන්නේ කියල අපි විවාදය කරමු.   මේ බලතල තිබෙනවා, අපිට තිබෙන්නේ, පාර්ලිමේන්තුව අයවැය කර්යාලය කෙටුම්පතයි, වුවමනා සේවාව ලබාදීමයි. විශාල සංවර්ධන වැඩසටහන් තිබෙනවා. ගිය ආණ්ඩුවෙන් කළ වැඩත් ඇතුළත් කළා. වරාය නගරයට වඩා මූල්‍ය නගරයක් ඇති කරනවා .අඩුපාඩු හදාගෙන එතැනට ගෙනයනවා.  වයඹකර්මාත ඇති කිරීම, හලාවත සංචාරක වැඩසටහන්, දකුණේ සංචාරක අංශය, හම්බන්තොට වරාය ගුවන්තොටුප නැව් හා ගුවන් යානා තිබුණේ නෑ.

     

    ඔක්කොම එකතුවෙලා වැඩකරන්න පුළුවන්. වරාය දියුණු කරන්න හොඳ යෝජනා තිබුණා. විශාල සංවර්ධන තීරුවක් ඇතිකරගන්න තියෙන්නේ. සැලැස්ම ක්‍රියාත්මක කරන්න ආයෝජකයන් ගේන්න ඕන. මේ රටේ වර්ධන වේගය සියයට 7%කට ගේන්න තිබෙනවා. සංචාරක ව්‍යාපාරය,අලුත් කර්මාන්ත,ඩිජිටල් අංශයේ කර්මාන්ත තිබෙනවා.


    උසස් පෙළ අන්තිම අවුරුදු දෙක, විෂය මාල වෙනස් කළ යුතුයි. රැකියා වෙලඳපොළ ප්‍රශ්නය. අධ්‍යාපන සුදුසුකම් හා රැකියා වෙළඳපොළ අතර කිසිම ගැළපීමක් නෑ. මේ රටට වුවමනා කර්මාන්ත ව්‍යාපාර ගේන්න තියෙන්නේ.


    සංවර්ධන කටයුතු වලට ලක්ෂ 10ක සේවක පිරිසක් වුවමනයි කියනවා. එහෙත් අද ඉන්නේ    ලක්ෂ 6යි. කොහොමද ඉතිරි ලක්ෂ 4 සොයන්න. විශාල ප්‍රශ්නයක් තිබෙනවා. ග්‍රාමීය ණය සහ  ග්‍රාමීය දිළිඳුකම විශාල ප්‍රශ්නයක්. ග්‍රාමීය දුප්පත්කම ගැන කරන්නේ කියන අඳහස් අවශ්‍යයි. ග්‍රාමීය දිළිඳුකම හා ග්‍රාමීය ණය ගැන කරන්නේ කියලා, අඳහස් ලබාගන්න ඕනෑ. ධීවර හ කෘෂිකර්මයේ නවීකරණයක් අවශ්‍යයි.එහෙදි ග්‍රාමීය නවීකරණ මණ්ඩලයක් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්,මහඇමැතිවරු සියලුදෙනාම එකතු කරගෙන, වැඩකටයුතු කරන්නේ. ග්‍රාමීයව මේ ප්‍රශ්නය විසඳන්න බැරිනම් හැමකෙනාම නගරයට එයි.ග්‍රාමීය ආර්ථිකයත් මේ දියුණුව සමඟ ශක්තිමත් කරන්නට තිබෙනවා.ග්‍රාමීය ආර්ථිකයත් දියුණු කරන්න අවශ්‍යයි.

    බැංකුවල ණය දීම ගැන සැහීමකට පත් වෙන්න බෑ. බැංකු කැඳවා ණය දෙන එක ගැන අහනවා. එක කණ්ඩයමකට විතරයි ණය දෙන්නේ. සාමාන්‍ය අයට කොහොමද මේ මුදල් ලබාදෙන්නේ. ඒ අනුවයි මේ වැඩකටයුතු සිද්ධ කරන්න වෙන්නේ.

     

    අපි කබිනට් මණ්ඩලයෙන් සාකච්ඡා කරනවා ගෙවීම් හා බේරුම් කිරීමේ පද්ධතියක් ඇති කිරීම ගැන.දැනට සාකච්ඡා කරගෙන යනවා. වාර්තාව ආවාම තීරණය කරන්නම් ගත යුතු පියවර කියලා.මේ පද්ධතිය රජයෙන් පාලනය කිරීමට වුවමනයි. කොහෙන්ද පලනය කරන්නේ කියලා විවිධ මත ඇවිත් තිබෙනවා. අපි ඒ ගැන බලන්නම්. රටවල් ගණනාවක මෙය වෙනම පාලනය කරනවා. මහබැංකුව කරන්නේ නෑ. අනෙක, මහබැංකුවේ ශක්තිය තිබෙන්නේ මූල්‍ය පාලනය මතයි. බැංකු නොවන මූල්‍ය ආයතනවල විශාල ප්‍රශ්න තිබෙනවා. මේ සම්බන්ධයෙන් අලුත් පනතක් අපි ඉදිරිපත් කරනවා.ණය විශාල ලෙස තිබෙන නිසා, වෙනම කාර්යාලයක් ඇති කරන්න,ණය ගෙවීමට, මුදල් අමාත්‍යාංශයට දෙන්න, එහි සාමාජිකයන් ව්‍යවස්ථාදායකය මඟින් පත් කරන්නේ.ණය වැඩියි . මෙය මහබැංකුවට කරන්න බෑ. මෙය සාකච්ඡා කර සිදු කළ හැකියි.


    පිටිපන කොමිටිය දැම්මා. එම වාර්තව ආවා. සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීතුමා වාර්තව පිළිගත්තා. අලුත් කොමිටියක් ආවා. අපි විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් සභාපති කළා. ඔක්කොම එකතුවයි මේ නිර්දේශය ලබාදී තිබෙන්නේ. සමහට දේ ගැන විවිධ අඳහස් ලබාදුන්නා.ඒත් නිර්දේශ එකයි. නිර්දේශ මා ළඟ තබාගෙන බෑ. ආණ්ඩුවට උපදෙස් දෙන්න පුළුවන් නීතිපතිතුමාට, කතානායකතුමාගේ උපදෙස් අරගෙන කටයුතු කරන්න කියලා. මේක පාර්ලිමේන්තුවේ කොමිටියක්. අපේ අමාත්‍යාංශයට අයිති නෑ. මගේ වගකීම ඉටු කර ඉවරයි. නීතිපති එපානම් වෙන කට හරි කියලා කරගන්න. කෝප් එකේ වාර්තා තිස් හතක්   තිබෙනවා. මගේ අමාත්‍යාංශයට විරුධව තිබෙන එක ඉස්සරලම හොයන්න කැමතියි.නඩු දාන්න. මට ප්‍රශ්නයක් නෑ.අගමැති,ඇමති ලෙස මගේ යුතුකම ඉටු කර තිබෙනවා.  

     

    අපි හොයාගෙන යනවා ග්‍රීක් බොන්ඩ්, හෙජින් ගැන හොයාගෙන යනවා. ඒවා ගැන කතාකරනකොට තරු පෙනෙන්නේ. අපිට කලයක් ඕනෑ වැඩකටයුතු කරන්න. එදා මේ සභාවට නොකියා වැඩකටයුතු කළේ. මට අවශ්‍ය  මේ සභාවේ මූල්‍ය පාලනය ඇතිකරන්න . අපේ වගකීම සිදු කර තිබෙනවා. මෙයින් ගොඩ එන්න ඕන විපක්ෂයේ ප්‍රතිපත්තිය කුමක්ද රට ගොඩනගන්න. ඒකාබද්ධයත් දෙකට වෙලා තියෙන්නේ යැයි ද අග්‍රමාත්‍යවරය පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya