ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාව කිසිදු අවස්ථාවක නොබැඳි ස්ථාවරය අතහැරදමා නෑ - විදේශ කටයුතු අමාත්‍ය

    නොවැම්බර් 22, 2016


    අපි සහ ජාත්‍යන්තර ප්‍රජාව අතර තිබෙන හොඳ හිත කප්පාඳු කරන්නට බංකොළොත් දේශපාලඥයන් අද කුමන්ත්‍රණය කරනවා. ශ්‍රී ලංකාව කිසිදු අවස්ථාවක තමන්ගේ නොබැඳි ස්ථාවරය අතහැරදමා නෑ. කවදත් නොබැදි ස්ථවරයට සහාය දක්වා තිබෙනවා යැයි විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

    අමාත්‍යවරයා, අද (22) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යාංශ නිවේදනයක් ඉදිරිපත් කරමින් මේ බව ප්‍රකාශ කළේ ය.

     

    අපි වෑයම් කරන්නේ සියලු සංස්කෘතීන්, සියලු ආගම්,ගරු කරන රටක් ලෙස විවිධත්වය යම්තමින් පිළිගන්නා රටක් නොවේ.සියලු ආගම්,සියලු විශ්වාස,ජාතීන්ට ගරු කරන, සියලු දෙනාගේ ගරුත්වය ආරක්ෂා කරන රටක් බවට පත් කිරීමට වෑයක් දනවා.

    ගැටුම් නිරාකරණයට සංවාදය වැදගත් බව විශ්වාස කරනවා. පලස්තීනයට හා ඊශ්‍රාලයට ආදල වූ ගැටලු සංවාදය තුළින් විසඳාගත යුතුයි කියලා, අපි විශ්වාස කරනවා. එවිට ඒ රටවල සංස්කෘතික  හා ආගමික උරුමයන් ආරක්ෂා කරගත යුතු වෙනවා.

     

    යුනෙස්කෝ ආයතනය සාමය හා අවබෝධය නියෝජනය කරන අයතනයක්. මෙම ආයතනය එකෙනෙකාගේ සංස්කෘතියට ගරු කිරීම හා ආවබෝධය ප්‍රවර්ධනය කරන ආයතනයක්. යුද්ධය ආරම්භ වන්නේ මිනිසුන්ගේ සිත්වල නිසා සාමය ආරක්ෂා කරන අඳහස් පැලකළ යුත්තේ මිනිසුන්ගේ සිත් තුළයි.

     

    ශ්‍රී ලංකාව මේ යෝජනාවට විරුධව ඡන්දය ප්‍රකාශ කළේ නෑ. ඇමෙරිකාවට යටත් වුණා කීම සවද්‍ය ප්‍රකාශයක්. අපේ මතය කිසිවෙකුගේ බලපෑමක් මත ඇතිකරගත්තක් නොවේ.ශ්‍රී ලංකාව කැමැතියි, සාමය ,සහජීවනය,වගා කරන වේදිකාවක් ලෙස යුනෙස්කෝ ආයතනය කටයුතු කරනවා.


    ශ්‍රී ලංකව තම මතය ස්ථාවරය ආපසු අරගෙන නෑ.තවත් නොබැදි ජාතීන් 13ක් ඡන්දය භාවිතයෙන් වැළකුණා. ශ්‍රී ලංකාව කිසිදු අවස්ථාවක තමන්ගේ නොබැඳි ස්ථාවරය අතහැරදමා නෑ. කවදත් නොබැදි ස්ථවරයට සහාය දක්වා තිබෙනවා.අපේ බලාපොරොත්තුව වඩා යහපත් විසඳුමකට සහාය පළ කිරීමයි.

     

    ඉතිහාසයේ බොහොම සක්‍රීයව සහාය ලබාදුන්නා.ශ්‍රී ලංකාවට  වෙනත් රටවල් සමඟ දබරයට යෑමට අවශ්‍ය නෑ. ජාත්‍යන්තර නීති රැකීමට ශ්‍රී ලංකාව කැපවී සිටිනවා. සෑගවුණු න්‍යාය පත්‍රවලින් ජනතව අතර ගැටුම් ඇති කිරීමට උත්සහ කිරීම ගැන කණගාටු වෙනවා. රජය අපහසුතාවයට පත් කිරීමට උත්සහ ගන්නවා.අනතුරුදායක තත්ත්වයන් ඇති කිරීමට කටයුතු කරන්න එපා කියා ඉල්ලා සිටිනවා.

     

    ජනතාව නොමඟ යවන ප්‍රකාශ කරල,අපි සහ ජාත්‍යන්තර ප්‍රජාව අතර තිබෙන හොඳ හිත කප්පාඳු කරන්නට බංකොළොත් දේශපාලඥයන් අද කුමන්ත්‍රණය කරනවා. සහජීවනයෙන් සිටින මුස්ලිම්  හා සිංහල ජනතාව අතර විවිධ හැප්පිලි ඇති කිරීමට කුමන්ත්‍රණය කරනවා.

    ඉතිහාසයේ බොහොම සක්‍රීයව සහාය ලබාදුන්නා.ශ්‍රී ලංකාවට  වෙනත් රටවල් සමඟ දබරයට යෑමට අවශ්‍ය නෑ. ජාත්‍යන්තර නීති රැකීමට ශ්‍රී ලංකාව කැපවී සිටිනවා. සෑගවුණු න්‍යාය පත්‍රවලින් ජනතව අතර ගැටුම් ඇති කිරීමට උත්සහ කිරීම ගැන කණගාටු වෙනවා. රජය අපහසුතාවයට පත් කිරීමට උත්සහ ගන්නවා.අනතුරුදායක තත්ත්වයන් ඇති කිරීමට කටයුතු කරන්න එපා කියා ඉල්ලා සිටිනවා. අපි මධ්‍යස්ථ ජනතවක් හැටියට රටේ ආරක්ෂා කර ගත් ජනවාර්ගික සමඟිය පළුඳු නොකරන ලෙස ඉල්ලා සිටිනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya