ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    බාහිර උපාධි ලියාපදිංචිය සීමා කිරීම ගැන ජනපති අතර සාකච්ඡාවක්

    නොවැම්බර් 22, 2016

    බාහිර උපාධි අපේක්ෂකයින් ලියාපදිංචිය සීමාකිරීම නිසා පැන නැගී ඇති ගැටලු සහ එයට විසඳුම් සොයා බැලීම සඳහා අදාළ පාර්ශවයන් සහ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අතර සාකච්ඡාවක් අද (22) පෙරවරුවේ පැවැත්විණි.

    පාර්ලිමේන්තු කමිටු ශාලාවේදී පැවති මෙම සාකච්ඡාවේදී ඉදිරිපත් වූ අදහස් හා යෝජනා සැලකිල්ලට ගත් ජනාධිපතිතුමා සඳහන් කළේ ප‍්‍රතිපත්තියක් ලෙස රජය විසින් අධ්‍යාපනයට ලබාදී ඇති පහසුකම් කිසිවිටෙක අහිමි නොකරන බවය.

    බාහිර උපාධි අපේක්ෂකයින් ලියාපදිංචිය සීමාකිරීම හේතුවෙන් උපාධි අපේක්ෂා කරන සිසුන්ට අසාධාරණයක් නොවන පරිදි නව වැඩපිළිවෙළක් ඉදිරි සති දෙකක් තුළදී සකසන බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

    එමෙන්ම විවෘත විශ්වවිද්‍යාල පද්ධතිය ශක්තිමත් කිරීමට ද සීමාවී ඇති බාහිර උපාධි පාඨමාලා දිවයිනේ අනෙකුත් විශ්වවිද්‍යාලයන්හි ස්ථාපිත කිරීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමුවිය.

    මෙම සාකච්ඡාවට අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ගේ‍්‍රරු, ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ශාන්ත බණ්ඩාර, විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා යන මහත්වරුන් ද විශ්වවිද්‍යාල නියෝජිතයන් ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya