ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    රාජ්‍ය ආයතනවල අලාභය අවම කිරීමට රාජ්‍ය ව්‍යවසාය මණ්ඩල පනත නමින් පනත් කෙටුම්පතක්

    නොවැම්බර් 23, 2016

    රාජ්‍ය ව්‍යවසාය මණ්ඩල පනත නමින් නව පනත් කෙටුම්පතක් ලබන වසරේ ගෙන ඒමට කටයුතු කරන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.


    පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් රාජ්‍ය ආයතන අලාභ ලැබීම අවම කිරීමට උපයෝගී කරගන්නා ක්‍රමවේදය කුමක්දැයි විමසූ පැනයට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

     

    මේ පනත් කෙටුම්පත ක්‍රියාත්මක කිරීම මඟින් අලාභ ලබන රාජ්‍ය ආයතනවල අලාභය අවම කරගැනීමට හැකිවන බවද පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, ව්‍යවසාය මණ්ඩලය විසින් රාජ්‍ය ව්‍යවසාය අධ්‍යල්ෂ මණ්ඩල නම් කෙරෙන අතර ඉන් සුදුසු පුද්ගලයකු පත් කෙරෙන බවත් මේ නිසා කළමනාකරණ ප්‍රශ්න හා දේශපාලන ප්‍රශ්න අවම කරගත හැකි බවද අමාත්‍යවරයා  සඳහන් කර සිටියේ ය.

    2014 වසරේ අලාභ ලබූ රාජ්‍ය ආයතන සංඛ්‍යාව 250ට වැඩියි. අලාභය රුපියල් බිලියන 600කට වඩා වැඩියි. මේ අලාභය සිදුවීම පිළිබඳව සොයාබලනවා යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya