ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    සූර්යබල උද්‍යාන තුනක් - පළමු සූර්යබල උද්‍යානය සියඹලාණ්ඩුවේ ඉදිකරනවා - නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා

    නොවැම්බර් 23, 2016

    මෙගාවෝට් 100 ක සූර්ය බල උද්‍යාන තුනක් රටේ ඉදිවෙනවා. පළමු සූර්යබල උද්‍යානය මොණරාගල ,සියඹලාණ්ඩුව ප්‍රදේශයේ ඉදිකිරීමට කටයුතු කරනවා යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පවසයි.

    නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අද (23) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා විමසූ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

     

    2025 වනවිට ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ ''කාබන් පාද සටහන '' 5%කින් අසු කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්නය විමසා සිටියේ ය.

     

    පා සටහන් කිව්වාම එකපාරම හිතට දැනෙනවා. 2020 දී වර්තමාන පරිභෝජනයෙන් සියයට 16%ක ප්‍රමාණයක් ඉතිරි කරගැනීමට අපේ අමාත්‍යාංශය ක්‍රම ගණනාවක් අනුගමනය කර තිබෙනවා. විශේෂයෙන් ම පුළුල් බලතල සහිත බලශක්ති කළමනාකරනයට අදාළ ජනාධිපති කාර්යසාධක බලකයක් පත් කර තිබෙනවා.විධිමත් සැළැස්මක් සකස් කර තිබෙනවා. අපේ  පරිසරය දූෂණය අවම කිරීමට වැඩපිළිවෙලක් සකස් කරනවා.

     

    ඒ සඳහා අවශ්‍ය රෙගුලාසී, යන්ත්‍රෝපකරණ,වායු සමීකරණ, ෆෑන්, විදුලි බල්බ රට ගෙන ඒමේ දී ඒ සඳහා වැඩපිළිවෙලක් සකස් කරනවා. රටේ පරිසරයට කාබන් සයෝක්සයිඩ් වැඩියෙන් දායක කරන පොෂිල ඉන්ධන භාවිතය කිරීමට පියවර ගන්නවා. ගල් අඟුරු භාවිතය අවම කරන්න, ඩීසල් සහ වෙනත් පොෂිල ඉන්ධන  භාවිතය අවම කරන්න කටයුතු කරනවා. ඒ යටතේ මන්නාරම ප්‍රදේශයේ මේගාවෝට් 375ක සුළං විදුලි බලාගාර උද්‍යානයක් පිහිටුවීමට කටයුතු කරනවා.ඉන් පලමු මෙගාවෝට් 100ක කටයුතු ආරම්භ කර තිබෙනවා. අපි විශ්වාස කරනවා 2025 වනවිට මෙ.වෝ. 375ක ප්‍රමාණය සම්පූර්ණ කරගැනීමට හැකිවෙයි කියලා.

     

    යාපනය ප්‍රදේශයේ තවත් වටිනා ඉහළ ඵලදායිතාවක් සහිත සුළං බල මූලාශ්‍ර තිබෙනවා. ඒවා අපේ ප්‍රධාන උපාය මාර්ග වෙනවා. මෙගාවෝට් 100 ක සූර්ය බල  උද්‍යාන තුනක් රටේ ඉදිවෙනවා.පළමු සූර්ය බල උද්‍යානය මොණරාගල ,සියඹලාණ්ඩුව ප්‍රදේශයේ ඉදිකිරීමට කටයුතු කරනවා. අපේ රටේ සූය බල භාවිතය පිළිබඳව සූර්යබල සංග්‍රාමය නමින් සුවිශේෂී වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya