ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    උතුරු නැඟෙනහිරට පොල් ත්‍රිකෝණයක් - වැවිලි කර්මාන්ත අමාත්‍ය

    නොවැම්බර් 24, 2016


    උතුරු නැඟෙනහිර පොල් ත්‍රිකොණයක් පටන් ගන්නා බව  වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.

    කෘෂිකර්ම, වැවිලි, මහවැලි සංවර්ධන හා පරිසර, වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට අඳහස් දක්වමින්   අමාත්‍යවරයා අද (24) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ ය.

     

    අපි පොහොර සහනාධාරය ලබාදීමට කටයුතු කරනවා.  අපි පැහැදිළිව පොහොර ලබාදෙනවා මුදල් වශයෙන්. අපි දුර්වලකම් හඳුනාගෙන කටයුතු කිරීමයි හොඳ. කුඩා තේවතු හිමියන්ගේ වෙළඳපොළ යම්කිසි ස්ථාවරභාවයකට පත් වී තිබෙනවා.

    අපගේ අමාත්‍යාංශය දූෂනයෙන් තොරව, අක්‍රමිකතාවයෙන් තොරව ඉදිරියට යන්න ක්‍රියාකර තිබෙනවා. පොල් ක්ෂේත්‍රය, තේ ක්ෂේත්‍රයට වැඩි ස්ථීර වර්ධනයක් වෙළඳ පොළක් පොල් සඳහා ඉදිරියේ දී ඇතිවෙනවා. උතුරු නැඟෙනහිර පොල් ත්‍රිකොණයක් පටන් ගන්නවා. රබර් මිල අඩු වී තිබෙනවා. මේක වැඩි වුණාම රබර් ක්ෂේත්‍රය නඟා සිටුවන්න පුළුවන්. ඒ සඳහා වෙළඳපොළ සෑලසුමක් ඉදිරිපත් කර තිබෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya