ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    විදුල්කා සම්මාන උළෙල ජනපති ප‍්‍රධානත්වයෙන්

    නොවැම්බර් 25, 2016
    විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සහ ශී‍්‍ර ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය එක්ව සංවිධානය කරන විදුල්කා ජාතික බලශක්ති කාර්යක්ෂමතා සම්මාන උළෙල 2016 ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (24) පස්වරුවේ කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි. 
     
    බලශක්තියෙන් සුරක්ෂිත ශී‍්‍ර ලංකාවක් කරා යන ගමනට එම ආයතන පෙළගැස්ම මෙම සම්මාන උළෙලෙහි මූලික අරමුණ වන අතර ශ‍්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සහ මෙම ක්ෂේත‍්‍රයේ වෙනත් ආයතන මගින් සිදු කරන බලශක්ති කළමනාකරණ කි‍්‍රයාකාරකම් ප‍්‍රවර්ධනය කිරීම ද මෙමගින් අපේක්ෂා කෙරේ.
     
    අදාළ වර්ෂය තුළ ප‍්‍රශංසනීය මට්ටමින් විවිධ බලශක්ති කාර්යක්ෂමතා කි‍්‍රයාවන්, බලශක්ති කළමනාකරණ කි‍්‍රයාවලින්, කාර්යක්ෂම සම්පත් කළමනාකරණය ආදිය සිදු කරන ආයතන ජාතික මට්ටමින් ඇගයීමට ලක් කිරීම මෙම සම්මාන උළෙලේ දී සිදු කෙරේ.
     
    මෙවර වසරේ විශිෂ්ඨතම බලශක්ති කළමනාකරු වූ ඒ.ආර්.එම්. මුනාස් මහතාට සහ බලශක්ති ක්ෂේත‍්‍රයේ ප‍්‍රතිපත්ති සම්පාදනය වෙනුවෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාටත්, බලශක්ති සේවා රටේ ජනතාව වෙත ගෙන යාමේදී ජීවිතය අහිමි වූ නැසීගිය ජී.කේ. උපවංශ මහතා වෙනුවෙන් ඔහුගේ පුත් සරත් උපවංශ මහතා වෙතත් සම්මාන පිරිනැමීම ජනාධිපතිතුමා අතින් සිදු විය.
     
    ශ‍්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිල වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.
     
    විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, නියෝජ්‍ය අමාත්‍ය අජිත්.පී. පෙරේරා, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී.එම්.එස්. බටගොඩ, ශී‍්‍ර ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති කීර්ති වික‍්‍රමරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya