ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    රට තුළට මත්ද්‍රව්‍ය ඇතුළුවීම වැළැක්වීමට ගන්නා ක්‍රියාමාර්ග යාවත්කාලීන කර තිබෙනවා

    දෙසැම්බර් 05, 2016

    මුහුදු මාර්ගයෙන්, ගුවන් මාර්ගයෙන් හා වෙනත් මාර්ගයන්ගෙන් මත්ද්‍රව්‍ය රට තුළට ඇතුළුවීම වැළැක්වීමට ගන්නා ක්‍රියාමාර්ග යාවත්කාලීන කර තිබෙන බවත් රට තුළට මත්ද්‍රව්‍ය ඇතුළුවීම වැලැක්වීමට  ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙන බවත්  නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (05) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා යොමු කළ වාචික පිළිතුරු අපේක්ෂා කරන  ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.


    මුහුදු මාර්ගයෙන්,ගුවන් මාර්ගයෙන් හා වෙනත් මාර්ගයන්ගෙන් මත්ද්‍රව්‍ය රට තුළට ඇතුළුවීම වැලැක්වීමට ගන්නා ක්‍රියාමාර්ග යාවත්කාලීන කර තිබෙන බවද අමත්‍යවරයා පැවසී ය.

    බණ්ඩරනායක අන්තර්ජාතික ගුවන්තොටුපලේ, මත්තල ගුවන්තොටුපලේ,නිලධරීන් යොදවා නිරන්තර විමර්ශන කටයුතු සිදු කිරීම,මත්ද්‍රව්‍ය උවදුර මැඩළීම සඳහා ශ්‍රී ලංක  ගුවන් හමුදාවේ, නාවික හමුදාවේ, නිලධාරීන්ට පුහුණු වැඩසටහන් පවත්වා ඔවුන්ගේ සහාය ලබාගැනීම, ගුවන්තොටුපල නිලධටීන්ට පුහුණුව ලබාදීම, කොළඹ වරයේ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ඒකකයන් ස්ථාපිත කිරීමට කටයුතු කිරීම,මත්ද්‍රව්‍ය ආනයනය හා අපනයන මැඩලීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය, ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා වරයා අධිකාරය,  ශ්‍රී ලංකා නාවික හමුදාව, සුරබදු දෙපාර්තමේන්තුව, වෙරළාක්ෂක දෙපාර්තමේන්තුව,යන ආයතනවල නිලධරීන්ගෙන් සමන්විත  ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්ථපිත කිරීමට සැලසුම් කර ඇති බව ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya