ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    ක්‍රීඩා පනත සංශෝධනය කරන වැඩපිළිවෙළ පටන්ගන්නවා

    දෙසැම්බර් 05, 2016

    ක්‍රීඩා පනත සංශෝධනය කරන වැඩපිළිවෙළ පටන් ගන්නා බවත් තවත් වසර දෙකකින් දියගම අවසන් කර ජනතා  අයිතියට පවරන බවත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකට මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (05) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, ක්‍රීඩා අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයේ අඳහස් දක්වමිනි.   


    මුදල් ඇමැති රවී කරුණානායක මහතාට ප්‍රථමයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා. වසර 2016 ක්‍රීඩාව සඳහා රුපියල් මිලියන 4151 ක් වෙන් කළා. අතිරේකව රුපියල් මිලියන 1000 ක් ද වෙන් කළා.  

    ක්‍රීඩා අමාත්‍යාංශයේ දියුණුව සඳහා වැඩ කරන ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් ස්තුතිවන්ත වෙනවා. අවුරුදු 15 කින් සංවර්ධනය කර නැති සුගතදාස ක්‍රීඩාංගණය නවීකරණය කිරීම මේ වන විට සිදු කරනවා.

     

    ගෘහස්ථ ක්‍රීඩාංගණය ලෝකයේ විවිධ ප්‍රසංගවලට දිය හැකි ලෙස මිලියන 660 ක වියදමෙන් අලුත් සවුන්ඩ් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. රුපියල් මිලියන 500 ක වියදමෙන් දියගම ක්‍රීඩාංගණය සෑදීම ලබන වසරේදි අරඹනවා. එහි ධාවන පථය, පිහිනුම් තටාකය, ගෘහස්ථ ක්‍රීඩාංගණය එහි හදනවා. තව වසර දෙකකින් දියගම   ක්‍රීඩාංගණය අවසන් කර ජනතා  අයිතියට පවරනවා. විවිධ ක්‍රීඩාවන් සඳහා අක්කර 125 ක භූමි භාගයක් ලෝකයේ දැවැන්තම ඇකඩමිය මෙරට ස්ථාපිත කරනවා. මෙරට පළාත් කිහිපයක කෘත්‍රීම ධාවන පථ සෑදීම සඳහා රුපියල් මිලියන 250 ක් වෙන් කර තිබෙනවා. පුහුණුකරුවන් පුහුණු කිරීම විශාල අර්බුදයක්ව තිබෙනවා.

    මේ සඳහා ගැසට් පත්‍රයක් දමා ආයතන දෙකක් හදනවා. හැම ක්‍රීඩාවකටම එක විනිසුරු මඩුල්ලක් ගේනවා. සියලුම විනිසුරු හා පුහුණුකරුවන් වෙන වෙන ආයතන තුළට ගේනවා. ලබන වසරේදි විශේෂ වැඩපිලිවෙළක් ලෙස මලල ක්‍රීඩාව සඳහා විදේශ පුහුණුකරුවකු ගෙන්වනවා. රජය සමඟ ගනුදෙනු කරන වැඩපිළිවෙළක් මේ සඳහා නිර්මාණය කරනවා. ස්පෝර්ට් ඩිප්ලොමැටික් ලෙස විදේශ අමාත්‍ය යටතේ ආරම්භ කර පිටරට විශේෂඥයින් ගෙන්වීම සිදු කරනවා. ක්‍රීඩා වෛද්‍ය ආයතනය දියුණු කරමින් තිබෙනවා. ක්‍රීඩකයින්ට ශාරීරිකව තිබෙන ගැටලු හඳුනාගෙන ප්‍රතිකාරවටල අලුත් වැඩපිළිවෙළකට මුදල් ලබාදී තිබෙනවා.

     

    ලබන දෙසැම්බර් වන විට ලංකාවේ සිටින සියලුම ක්‍රීඩකයන්ට ක්‍රීඩා වෛද්‍ය ආයතනය මඟින් පරීක්ෂාවට ලක් විය හැකියි. .පාසල් ක්‍රිකට් ක්‍රිඩාව ක්‍රීඩා අමාත්‍යාංශය විදියට දියුණු කරනවා. පාසල්වල යටිතල පහසුකම් දියුණු කිරීමට අපි කටයුතු කරනවා. රුපියල් මිලි 250 පාසල්වල පහසුකම් දෙනවා. ක්‍රීඩා පාසල් 300 ක වන ව්‍යාපෘති හදනවා. මෙරට
    ප්‍රථමවතාවට ඉහළ උන්නතා හැකියා ඇති  ඩොලර් මිලි 80 ක් දි තිබේ. ඒ දේශගුණය යටතේ පුහුණු විය හැකියි. වසර දෙකකින් එහි වැඩ නිම කරනවා. ආසියාවේ දෙවැනි විශාලම එක එය. ආදායම් නැති ක්‍රීඩකයින් සඳහා නව වැඩපිළිවෙළක් පටන් ගන්නවා. වරාය, විදුලිබල මණ්ඩලය, ටෙලිකොම් යනාදියෙන් අපේ ක්‍රීඩකයින් බලා ගත්තා. ක්‍රීඩා පනත ක්‍රිඩා රෙගුලාසි විශාල අර්බුදයකට ලක්ව සිටිනවා. රෙගුලාසි හදා අවසන්. ලබන මාස කිහිපය තුළ  ඔලිම්පික් නිලවරණය සඳහා කටයුතු සම්පාදනය කරනවා. ක්‍රීඩා සංගම්වල භාණ්ඩාගාරිකටගණකාධිකරණ දැනුම තිබිය යුතුයි.

     

    ක්‍රීඩා පනත  සංශෝධනය කරන වැඩපිළිවෙළ පටන් ගන්නවා. සූරියවැව ක්‍රීඩාංගණය සඳහා නවාතැත් පහසුකම් නැහැ. මේ ක්‍රීඩාංගණය සඳහා නේවාසික පහසුකම් හදා හොඳ ආදායමක් ලබා ගත හැකි තැනක් බවට පත් කරනවා. මෙවර අයවැයෙන් සියයට  35 ක් උතුරු නැඟෙනහිරට වෙන් කර තිබෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya