ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    උතුරේ ජනතාවගේ නිවාස අවශ්‍යතාවය සපුරාලීමට පියවර- උතුරේ සංවර්ධනයට වැඩි මුදලක් ලබාදීමට කටයුතු කරනවා

    දෙසැම්බර් 06, 2016

    උතුරේ ජනතාවගේ නිවාස අවශ්‍යතාවය සපුරාදීමට කටයුතු කරන බවත් යාපනය ඇතුළු උතුරේ සංවර්ධනයට වැඩි මුදලක් ලබාදීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

    අග්‍රාමාත්‍යවරයා අද (06) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ,පුනරුත්ථාපන නැවත පදිංචි කිරීම් හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ වැයශීර්ෂයේ විවාදය අතරතුර අඳහස් දකවමිනි.

     

    යාපනයේ සිදුවන දේ ගැන අප දන්නවා. දැන් අප යාපනය සංවර්ධනය කරන පොරොන්දු වී තිබෙනවා. යාපනයට ඒ සඳහා වැඩි මුදලක් ලබාදෙනවා.

     

    විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා-  අපේ ජනතාව දීර්ග කාලයක් පුරා පීඩ වින්දා. ජනතාවට අවශ්‍ය නිවාසයි. පෙර සවි කූඩු අවශ්‍ය නෑ.


    මෙහිදී අඳහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා;

    මේ ප්‍රශ්නවලට අපේ අවධානය යොමු වී තිබෙනවා. සියයට අසූවක් නිවාස හදන්නේ ගඩොල්වලින්. වතු ආශ්‍රිත ජනතවටත් ඉඩම් ලබාදෙනවා, වගා කරගන්නට හා නිවසක් තනාගන්නට. උතුරේ ජනතාවට දෙනවා, නැඟෙනහිර ජනතාවට දෙනවා.අවශ්‍ය නිවාස කුමක්ද කියා බලලා ඒ කටයුත්ත කරමු. උතුරේ කටයුතු සඳහා අවශ්‍ය මුදල් ලබාදෙන්නට කටයුතු කරනවා.උතුරේ කර්මාන්තශාලා,දාලා දෙනවා.හෝටල් දාලා දෙන්නම්. උතුරේ පදිංචි තරුණයන් විශාල සංඛ්‍යාවකට රැකියා ලබාදීමේ අවශ්‍යතාවය තිබෙනවා. අද ගෙවන් හදන්නත් නිදහසක් පවතිනවා.එදා ඒකවත් තිබුණේ නෑ යැයි ද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya