ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    සෑම දිස්ත්‍රික්කයකම මිරිදිය අභිජනන මධ්‍යස්ථානයක් - මාදැල් කර්මාන්තය නගා සිටුවීමට පියවර

    දෙසැම්බර් 06, 2016

    සෑම දිස්ත්‍රික්කයකම මිරිදිය මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයක් බැගින් පිහිටුවීමට කටයුතු කරන බවත් උතුරු නැඟෙනහිර පවතින තොටුපල සංවර්ධනය කර මාදැල් කර්මාන්තය නගාසිටුවීමට ක්‍රියාකරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි  මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (06) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ වැයශීර්ෂයේ විවාදයේ අඳහස් දක්වමිනි.

     

    මිරිදිය ධීවර කර්මාන්තය දියුණු කිරීමට ව්‍යාපෘතියක් දියත් කර තිබෙනවා.ඒ යටතේ සෑම දිස්ත්‍රික්කයකම මිරිදිය මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයක් බැගින් පිහිටුවීමට ක්‍රියා කරනවා. කකුළුවන් වගාකිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරනවා.මාදැල් කර්මාන්තය නගාසිටුවීමට ක්‍රියාකරනවා.ඒ යටතේ උතුරු නැඟෙනහිර තොටුපලවල් සංවර්ධනය කරනවා.

     

    ධීවරයන් සඳහා නව තාක්ෂණය හඳුන්වාදීමට පියවර ගන්නවා.ලබන වසරේ දී ධීවරයින් සඳහා අංග සම්පූර්ණ කබා ඇතුළු ධීවර ආම්පන්න ලබාදෙනව.විසිතුරු මත්ස්‍ය අපනයනය ඉහළ නැංවීමට ක්‍රියාකරනවා.ධීවරයින් සඳහා නිවාස ව්‍යාපෘති කීපයක් ආරම්භ කර තිබෙනවා.ධීවර ක්ෂේත්‍රය නගාසිටුවීමට යහපාලනය රජය සමත් වී ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya