ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    ජනතාවගේ බදු බර අඩු කිරීමට කටයුතු කරනවා -නැති කළ දේශීය නිෂ්පාදනය, ආර්ථිකය නැවත නගා සිටුවීමට කටයුතු කරනවා

    දෙසැම්බර් 10, 2016

    ජනතාවගේ බදු බර අඩු කිරීමට කටයුතු කරනවා.අපි ඇවිත් තියෙන්නේ රට සංවර්ධනය කිරීමට මිස පවුලක් සංවර්ධනය කරන්න නොවේ. පක්ෂ දෙක එකතු කරලා, ජාතික ප්‍රතිපත්තියකට කටයුතු කරනවා. රුපියල ශක්තිමත් වනවිට අපේ ආර්ථිකය හදන්න හැකි වෙනවා. නැති කළ දේශීය නිෂ්පාදනය, නැති කළ ආර්ථිකය, නැවත නගාසිටුවීමයි කටයුතු කරන්නේ යැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

    අයවැය 2017, මුදල් අමාත්‍යාංශයේ වැයශීර්ෂයේ පිළිතුරු කතාව කරමින් අද (10) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

     

    අපි බදු ගහලා තියෙන්නේ බදු මෙතෙක් බදු නොගෙවු අයටයි. අපනයනය මොනවද වුණේ. දේශීය නිෂ්පාදනය නැති කළා. ඒ නැති කළ ආර්ථිකය , වැටිලා තිබූ අයවැය නැවත නගාසිටුවීමයි කටයුතු කරන්නේ.අඛණ්ඩ ගුරුපුහුණුවට 2017 වසරේ අවශ්‍ය ප්‍රතිපාදන සළසා දී තිබෙනවා.

    අපි ගුරු හිඟය 2017 දී ගුරුවරු 37,000ක් බදවා ගන්නට කටයුතු කරනවා. හෙන්චයියලා පත් කරලා, අධ්‍යාපනය එදා විනාශ කළා.2017 වසරේ සියලු රජයේ පාසල්වලට සනීපාරක්ෂක ගැටළුව විසදීමට හැකි වෙනවා.

    උතුරු නැඟෙනහිර ජනතාව ජීවන තත්ත්වය ඉහළ නංවීමට කටයුතු කිරීම, නිවාස, සෞඛ්‍ය , අධ්‍යාපනය නංවීමට කටයුතු කිරීම, ආදී කාර්යය සඳහා විශාල වියදමක් දර ඇත.රජයක් වශයෙන් හැකි උපරිම ආකාරයෙන් කටයුතු කර තිබෙනවා. මානව අයිතිවසිකම් උල්ලංඝණය  වෙන්නේ නෑ, මාධ්‍ය තර්ජනයක් නෑ, දූෂණය නැත්තටම නැති කරනවා.අපි කරන්නේ දූෂණය තුරන් කිරීමයි. මේ කාලය තුළ ඩොලර් එක අඩු කරලා ආර්ථිකය කළමනාකරණයක් කරනවා.

     

    අපි දේශපාලනය කරලා, ව්‍යාපර කරලා නෑ. ව්‍යපාර කරලා දේශපාලනය කරලා තියෙන්නේ. බොරුවට කටයුතු කරන්න බෑ. අවුරුදු විස්සක් ව්‍යාපාර කරලා,අපිට කකුලෙන් හිටගන්න පුළුවන්.

    රේගුවට අගය කරනවා. බිලියන 718කට වැඩි වෙනවා ආදායම.  ආසියාවේ ලොකුම හෙරොයින්  ඇල්ලීම කළා. එදා කිලෝ එකක් ඇල්ලුවා ද? නොයෙක් චෝදනා කරනවා. පක්ෂ දෙක එකතු කරලා, ජාතික ප්‍රතිපත්තියකට කටයුතු කරනවා. කරපු හොරකම් වලට ද ඡන්දය දෙන්න එපා කියන්නේ. අපි වසර පහළොවක් විස්සක් ප්‍රජාතන්ත්‍රවාදීව රට ගෙන යනවා.අපි ඇවිත් තියෙන්නේ රට සංවර්ධනය කිරීමට මිස පවුලක් සංවර්ධනය කරන්න නොවේ. අපි හොරු ටික අධිකරණයට ගේනවා. රට සංවර්ධනය කරන ගමනේ බාධා තිබෙනවා.

    සුරාබදු ගැන කතාකරනකොට අද මිලියන 12800ක් මාසයකට උපයනවා. මිලියන 12800ක් ලබාගන්නවා නම් මිලියන 10,000ක මුදල කාගේ සාක්කුවට ගියේ. වැට් එක  හැකි ඉක්මනින් අඩු කරනවා.අපි අකමැත්තෙන් වැට් එක දාලා තියෙන්නේ. ඇමැති මණ්ඩලය විවෘතව සාකච්ඡා කරනවා.එකමුතුභාවයෙන් කටයුතු කරන්නේ. රේගු ආදායම වැඩි කළා.ජනතාවගේ බදු බර අඩු කිරීමට කටයුතු කරනවා.

    ආදායම ලබාගැනීම තුළින් ණයබරතාවය අඩුවෙනවා. රුපියල ශක්තිමත් වනවිට අපේ ආර්ථිකය හදන්න හැකි වෙනවා. අපේ ආණ්ඩුවට ඇඟිලි දික්කරනවා නම් පිරිසිදුව සිටිමින්  කරන්න. 2017 අයවැය සකස් කිරීමට සහාය ලබාදුන් ජනාධිපතිතුමාට,අගමතිතුමාට,මහාභාණ්ඩාගාරයේ සියලු දෙනාට, අනගි සහායක් දුන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට මෙන් ම සියලු දෙනාට ස්තූතිය පුද කරමි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya