ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    අයවැය - 2017 වැඩි ඡන්දයෙන් සම්මතයි

    දෙසැම්බර් 10, 2016

    විසර්ජන පනත් කෙටුම්පත 2017 ( අයවැය) අද (10) පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත විය.

    විසර්ජන පනත් කෙටුම්පත සම්මත වු බව කතානායක කරූ ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේ ය.

    තෙවැනිවර කියවීමේ ඡන්දය විමසීම නාමිකව සිදුවිය යුතු බව පර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් ඉල්ලා සිටියේ ය. ඒ අනුව නාමිකව ඡන්දය විමසීම සිදු විය.

    අයවැයට පක්ෂව ඡන්ද 165 ලැබුණු අතර විපක්ෂව ඡන්ද 55 ලැබිණි. නොපැමිණි සංඛ්‍යාව 04කි.

    විසර්ජන පනත් කෙටුම්පත 2017 මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් නොවැම්බර් මස 10 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. නොවැම්බර් 19 දින සිට කාරකසභා අවස්ථාවේ විවාදය පැවැත්වුණු අතර එහිදී  අමාත්‍යාංශවලට අදාළ වැයශීර්ෂ විවාදය සිදු විය.

     

    ඡන්දය විමසීමෙන් අනතුරුව අලුතින් හඳුන්වාදුන් පාර්ලිමේන්තුවේ විද්‍යුත් ඡන්දය විමසීමේ ක්‍රමයේ අත්හදාබැලීමක් සිදුවිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya