ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    ජාතික ඵලදායීතා සම්මාන ප‍්‍රදානය ජනපති ප‍්‍රධානත්වයෙන්

    දෙසැම්බර් 15, 2016
    ජාතික ඵලදායීතා සම්මාන ප‍්‍රදානෝත්සවය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (14) රත්මලාන ස්ටයින් ශාලාවේදී පැවැත්විණි.
     
    ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙලේදී ඵලදායිතා සංකල්පය අනුගමනය කරමින් ඉහළ කාර්යසාධනයක් අත්කරගන්නා ලද පාසැල්, රාජ්‍ය සහ නිෂ්පාදන හා සේවා යන අංශවලින් ජයග‍්‍රහණය ලැබුවන් ඇගයීමට ලක් කෙරේ.
     
    මෙවර මෙම තරගාවලිය සඳහා ආයතන 1565ක් අයදුම් කළ අතර ඒවා අතුරින් ආයතන 998 ස්ථානීය පරික්ෂාවන් සඳහා සුදුසුකම් ලබා ගත්තේය. ඒවා අතුරින් ආයතන 5ක් ස්වර්ණ සම්මාන සඳහා සුදුසුකම් ලැබූ අතර ආයතන 12ක් ප‍්‍රථම සම්මාන ද, ආයතන 100ක් දෙවන හා ආයතන 181ක් තෙවන ස්ථාන ද ලබා ගන්නා ලදී.
     
    විශේෂ කුසලතා ආයතන 270 ක් හා කුසලතා සම්මාන 309 ක් ලබා ඇති ආයතන පළාත් මට්ටමින් පවත්වනු ලැබු ඵලදායිතා සම්මාන උළෙලවලදී ඇගයීමට ලක් කෙරිණි.
     
    මෙම සම්මාන උළෙලේ දී පාසල් අංශය, රාජ්‍ය අංශය සහ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල කාණ්ඩයේ ස්වර්ණ සම්මාන පිරිනැමීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.
     
    ‘ඵලදායිතාවය’ මාතෘකාව යටතේ සම්පාදිත ග‍්‍රන්ථ කට්ටලයක් ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.
     
    රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, අමාත්‍යාංශයේ ලේකම් කේ.ජී. රත්නසිරි, ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂිකා ජේ.එම්. තිලකා ජයසුන්දර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya