ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    යහපත් මිනිසුන් බිහිවන්නේ ආගමානුකූලව ජීවත්වීමෙන් පමණයි - ජනපති

    දෙසැම්බර් 14, 2016

    ථේරවාදී බෞද්ධ දර්ශනය ලොවටම ව්‍යාප්ත කිරීමට රජය උපරිමයෙන් කැපවෙන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.

    කොබ්බෑකඩුව, නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිකරන ලද ශාක්‍යසිංහ සුගන්ධ කුටිය ශාසනයට පූජාකිරීමේ පුණ්‍යෝත්සවයට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව ඊයේ (13) සඳහන් කළේය.

     

    දිනපතා ආගමික වතාවත්වල නිරත වුවත් යහපත් මිනිසුන් බිහිවන්නේ ආගමානුකූලව ජීවත්වීමෙන් පමණක් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා වැඩි වශයෙන් සමාජය පිරිහෙන්නේ මිනිසුන් ආගම අනුව තම ජීවිතය ගත නොකිරීම නිසා බව ද පෙන්වා දුන්නේය.

     

    නොසන්සුන් මනසක් ඇති මිනිසුන් සන්සුන් කළ හැකි එකම දහම බුදුදහම බවත් මේ වන විට බටහිර ලෝකය ද බෞද්ධ දර්ශනය පිළිබඳ වැඩි නැඹුරුවක් දක්වන බවත් ජනාධිපතිතුමා සඳහන් කළේය.

     

    නෙල්ලිගල රජ මහා විහාරස්ථානයට ගිය ජනාධිපතිතුමා මහා සංඝරත්නය බැහැදැක සුවදුක් විමසීමෙන් අනතුරුව අස්ගිරි මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ධම්ම සිද්ධි ශ‍්‍රී පඥානන්ද ඥාන රතනාභිධාන ස්වාමීන් වහන්සේට අටපිරිකර පූජාකර ත‍්‍රිවිධ රත්නයේ ආශිර්වාද ලබා ගත්තේය.

    මෙම අවස්ථාව සිහිපත් කරනු පිණිස ජනාධිපතිතුමාගේ සුරතින් විහාර භූමියේ නෙල්ලි පැලයක් රෝපණය කෙරිණි.

     

    අනතුරුව ශාක්‍ය සිංහ සුගන්ධ කුටිය සහ ධාතු මන්දිරය ද විවෘත කළ ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරත විය.

     

    පුණ්‍යෝත්සවයට සමගාමීව නෙල්ලිගල පිවිසුම් මාර්ගය හා සත් බුදුපිළිම වහන්සේලා නිරාවරණය ද ජනාධිපතිතුමා අතින් සිදුවිය.

     

    නෙල්ලිගල බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ පූජ්‍ය වතුර කුඹුරේ ධම්ම රතන නාහිමිපාණන් වහන්සේ විසින් ජනාධිපතිතුමා වෙත ලෝහමය බුද්ධ ප‍්‍රතිමාවක් ප‍්‍රදානය කළ අතර සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ජනාධිපතිතුමා විසින් සිදුකරන සේවාව අගය කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මයන්ත දිසානායක මහතා අතින් සමරු තිළිණයක් ජනාධිපතිතුමා වෙත පිරිනැමිණ.

     

    නෙල්ලිගල විහාරස්ථානයට නිර්මාණශීලී දායකත්වය සැපයූ ශිල්පීන් වෙත තිළිණ ප‍්‍රදානය ද ජනාධිපතිතුමා අතින් සිදුවිය.

    මෙම අවස්ථාවට මහා සංඝරත්නය ප‍්‍රමුඛ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මයන්ත දිසානායක මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් ද ජයන්ති සිරිසේන මැතිණිය හා හේමා පේ‍්‍රමදාස මැතිණියද, ප‍්‍රදේශ වාසී ජනතාව ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya