ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    අධ්‍යාපනය ශක්තිමත් කිරීමට රජය නව ජවයක් ලබාදී තිබෙනවා- ජනපති

    පෙබරවාරි 07, 2017

    රටේ නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීම සඳහා සෑම රජයක්ම ගෙන ගිය වැඩපිළිවෙළට වත්මන් රජය නව ජවයක් ලබාදී තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

    ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ මොරටුව වේල්ස් කුමර විදුහලේ වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවයට ඊයේ  (06) එක්වෙමිනි.

     

    විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිතුමා සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගනු ලැබීය.

     

    ත්‍යාග ප‍්‍රදානෝත්සවය ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ රටක උගතුන් වැඩිවෙත්ම එම රට වේගයෙන් සංවර්ධනය කරා ගමන් කරන බවයි.


    දරුවන් නව තාක්ෂණ ලෝකය සමග එක්කරමින් දරුවන් බලාපොරොත්තුවන ජයග‍්‍රහණ කරා ඔවුන් මෙහෙයවීමට වත්මන් රජය කැපවි සිටින බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

     

    කීර්තිමත් ඉතිහාසයකට උරුමකම් කියමින් ඉදිරියට පැමිණ 140 වන සංවත්සරය සමරන වේල්ස් කුමර විද්‍යාලයේ ගමන් මග ද මෙහිදී ඇගයීමට ලක් කළ ජනාධිපතිතුමා ඉදිරියේදී තවත් උගතුන් රටට උරුමකරදීමට විද්‍යාලය සමත්වනු ඇති බවට ද විශ්වාසය පළ කළේය.

    මීට පෙර ඩෙංගු මර්දන වැඩසටහනක් වෙනුවෙන් විද්‍යාලයට පැමිණි අවස්ථාව සිහිපත් කළ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ ඩෙංගු මර්දන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා පාසල් දරුවාගේ සිට සියලු පුරවැසියන්ගේ සහය රජයට අවශ්‍ය බවයි.

    ඩෙංගු උවදුර පිළිබඳ අද ඇතැමුන් විවිධ විග‍්‍රහයන් සිදු කළද ඩෙංගු මදුරුවා මර්දනය අද ලෝකයටම පහසු කාර්යයක් වී නොමැති බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා ගෝලීය උෂ්ණත්වය සමග ඇතිවන කාලගුණික සහ දේශගුණික තත්ත්වයන් මත නිර්මාණය වන ඩෙංගු මදුරුවා හේතුවෙන් ලොව සංවර්ධනය වූ රටවල් පවා බරපතළ තර්ජනයකට මුහුණ දී සිටින බව ද පෙන්වා දුන්නේය.

    විශිෂ්ටතා දැක්වූ දරුවන්ට තිළිණ ප‍්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

    අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අමාත්‍ය අර්ජුන රණතුංග, නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික‍්‍රමරත්න, හිටපු අමාත්‍ය ජීවන් කුමාරතුංග යන මහත්වරුන් ද විදුහල්පති කේ.ජේ. ප‍්‍රනාන්දු මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya