ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    ඉන්දු- ශ්‍රී ලංකා සමුද්‍ර විදුලි රැහැන් මාර්ග ව්‍යාපෘතිය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ දෙරටටම වාසිදායක කොන්දේසි මතයි

    පෙබරවාරි 07, 2017

    ඉන්දු- ශ්‍රී ලංකා සමුද්‍ර විදුලි රැහැන් මාර්ග ව්‍යාපෘතිය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ දෙරටටම වාසිදායක කොන්දේසි මත යැයි විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පැවසී ය.

    නියෝජ්‍ය අමාත්‍යවරයා අද (07) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය අශූ මාරසිංහ මහතා විසින් ඉන්දු- ශ්‍රී ලංකා සමුද්‍ර විදුලි රැහැන් මාර්ග ව්‍යාපෘතිය පිළිබඳව විමසූ වාචික පැනයකට පිළිතුරු ලබාදෙමිනි.

     

    ඉන්දු- ශ්‍රී ලංකා සමුද්‍ර විදුලි රැහැන් මාර්ග ව්‍යාපෘතිය ආරම්භයේ දී මෙගාවෝට් 500ක් ද ඉන් අනතුරුව තවත් මෙගාවෝට් 500ක් ද වශයෙන් මෙ.වො.1000ක් දක්වා ඉහළ නංවීමට අපේක්ෂා කරනවා. ඒ තුළින් දෙරටට විදුලිය හුවමාරු කරගැනීමට අවස්ථාව ලැබෙනවා. ඉන්දියාවට අවශ්‍ය නම් අපෙන් විදුලිය ලබාගැනීමට ද අවස්ථාව ලැබෙනවා. ආර්ථිකයේ අනෙකුත් අංශ වර්ධනය කිරීමට උපකාරී වන ලෙස ආරක්ෂාව හා විශ්වාසය මෙමඟින් වැඩි වෙනවා. නම්‍යශීලී ප්‍රවේශයක් ලබාගැනීමට ඉතා වැදගත් ක්‍රමවේදයක් හැටියට ඉංජිනේරුවන් මේ ක්‍රමය අගය කර තිබෙනවා.

    විශේෂයෙන්ම පුනර්ජනනීය බලශක්තිය සූර්ය බලය  සහ සුළං බලය වැඩි වශයෙන්ශ්‍රී ලංකාව අවට පවතින නිසා ශ්‍රී ලංකාවේ භාවිතා කර ඉතිරිය ඉන්දියාවට විකුණා ඉන් ආදායමක් ලබගැනීමට හැකියාව පෙනෙනවා. මෙම ඉන්දු ශ්‍රී ලංකා ව්‍යාපෘතියෙන් විශේශ ප්‍රයෝජන ලැබෙනවා.

    අපේ රටේ මූල්‍යමය තත්ත්වය සළකා, දැනට ව්‍යාපෘතිය ආරම්භ කරන නිශ්චිත දියක් නෑ.  එහෙත් මේ ව්‍යාපෘතිය පිළිබඳව සකච්ඡා කළා. මෙහි ඇස්තමේන්තුව ඇමෙරිකානු ඩොලර් 354ක් වෙනවා. රටක් ලෙස බලශක්තිය හුවමාරු කරගැනීම සහ මුළු කලාපය ම වශයෙන් බලශක්තියෙන් සම්බන්ධවීම පිළිබඳව සළකා බලා වැඩි මුදලක් ආයෝජනය කරලා වැඩි ප්‍රතිලාභ ලබාගැනීමට අපට හැකියාව තිබෙනවා. මෙම ව්‍යාපෘතිය සඳහා සියයට 50%ක් ශ්‍රී ලංකා රජයත් ඉතිරි 50% ඉන්දියානු රජයෙන් දැරීම  තමයි මූලික ප්‍රතිපත්තිය.ඒ අනුව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ දෙරටටම වාසිදායක කොන්දේසි මත  යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya