ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත යටතේ නියෝග විවාදයට

    පෙබරවාරි 09, 2017

    ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත යටතේ නියෝග අද (09) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට ඉදිරිපත් කෙරිණි.

    ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් නියෝගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

    විවදය ආරම්භ කරමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය නියෝජ්‍ය ඇමැති ෆයිසාල් කාසීම් මහතා මෙසේ ප්‍රකාශ කළේ ය.

    ඹෘෂධ මිල අඩුකල නිසා ජනතාවට විශාල සේවයක් සිදුව තිබෙනවා. ඇමරිකාවේ පවා ඖෂධමිල වැඩි බව මම රූපවාහිනි වැඩ සටහනකදි මම දැක්කා. මුළු ලෝකයේම මිල වැඩිව ඇති අවස්ථාවක අපේ රටේ ඹෘෂධ මිල දැඩි පරිශමයක් යොදා අඩු කිරිම පිළිබද අප සෞඛ්‍ය ඇමතිවරයාට ස්තුති කළ යුතුයි.දැන් අපේ රටේ ඖෂධ 48 මිල සියයට පනහකින් පමණ අඩු කරලා තියෙනවා. අපේ රටේ ඖෂධ නිෂ්පාදනය කරන්න අපි දැන් කටයුතු සැලසුම් කරලා තියෙනවා. එසේ අප නිපදවන ඖෂධ රජය මැදිහත් වි මිලදි ගැනීමට කටයුතු කරනවා. ශ්‍රි ලංකාවේ ප්‍රථම වතාවට සේලයින් නිෂ්පාදනය කිරිමට කටයුතු කරනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya