ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    "පරිසරය පූජනීයයි" වැඩසටහන ආරම්භ වෙයි

    මැයි 02, 2017

    ජාත්‍යන්තර වෙසක් උළෙලේ සමාප්ති උත්සවය මහනුවර ඓතිහාසික දළදා මාළිගා පරිශ‍්‍රයේදී පැවැත්වීමට නියමිත අතර ඒ හා සමගාමීව සංවිධානය කෙරෙන ,පරිසරය පූජනීයයි, පාරිසරික සත්කාර වැඩසටහන අද (02) උදෑසන ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඓතිහාසික දළදා මාළිගාව අභියසදී ආරම්භ කෙරිණි.

    මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතාගේ අදහසකට අනුව මධ්‍යම පළාත් සභාව විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබෙන අතර මහනුවර නගරයේ විශේෂ ස්ථාන පිරිසිදු කිරීම මේ යටතේ සිදු කෙරේ.

    ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් දෑත් සෝදා පිරිසිදු කිරීමේ උපකරණ දෙකක් දියවඩන නිළමේ ප‍්‍රදීප් නිලංග දෑල මහතා වෙත භාරදීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

    අනතුරුව ඊයේ දින ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි රැළිය පැවැත්වුණු මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණය වෙත පැමිණි ජනාධිපතිවරයා මැති ඇමතිවරු සමඟ ක්‍රීඩාංගණය සුද්ධ පවිත‍්‍ර කිරිමේ කටයුතු වලට ද එක් විය.

    අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, එස්.බී. දිසානායක, නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, මධ්‍යම පළාත් ආණඩුකාර නිලූකා ඒකනායක යන මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya