ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ත්‍රීකුණාමලය වරාය සංවර්ධනය කිරීමට සැළසුම් සකස් කරනවා - කිසිවිටෙක රටේ ආරක්ෂාවට තර්ජනයක් වන්නට ඉඩ දෙන්නේ නෑ

    මැයි 03, 2017

    ත්‍රීකුණාමලය වරාය සංවර්ධනය කිරීමට සැළසුම් සකස් කරමින් යනවා. පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා.කිසිවිටෙක රටේ ආරක්ෂාවට තර්ජනයක් වන්නට ඉඩ දෙන්නේ නෑ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    අග්‍රාමාත්‍යවරයා පසුගිය දා ඉන්දියාවේ සිදු කළ සංචාරය සහ ඇතිකරගත් ගිවිසුම් සම්බන්ධයෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා අද (03) පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කළ ප්‍රශ්නයක් යොමු කර තිබුණි. ඊට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසී ය.

     

    පසුගිය දා සිදු කළ ඉන්දීය සංචාරයේ දී ආර්ථික සංවර්ධනය  ව්‍යාපෘති සහයෝගිතාවය පිළිබඳ අවබෝධා ගිවිසුමක් අත්සන් කළා. එය දේශපාලන ප්‍රකාශයක්. දේශපාලන වශයෙන් අපේ රටවල් දෙක අතර ආර්ථික සම්බන්ධකම් වැඩි කිරීමටත් ශක්තිමත් කිරීමටත් මේ රටේ සංවර්ධනයට ආධාර කරන රාමූවක් තමයි සඳහන් වුණේ.

    මෙගවෝට් 500ක විදුලි බලාගාරයක්. මෙ.වො. 50ක සූර්ය තාප බලාගාරයක් ඉදිකිරීම,ත්‍රීකුණාමලය තෙල් ටැංකි හවුල්කාර සමාගමක් යටතේ සංවර්ධනය කිරීම, ත්‍රීකුණාමලය වරාය සංවර්ධනය කිරීම සඳහා ඒකාබද්ධ මොකිටියක් පත් කර ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම, විශේෂ ආයෝජන කලාප සඳහා ඉන්දීය ආයෝජකයන් දිරිමත් කිරීම,යාපනය සිට මන්නාරමත්, මන්නාරම සිට වව්නියාවටත්, වව්නියාව සිට ත්‍රීකුණාමලයටත්, ත්‍රීකුණාමලය සිට දඹුල්ලටත් මහා මාර්ග දියුණු කිරීම, ලංකා දුම් රිය මාර්ග සංවර්ධනය කිරීම, කෘෂි හා පශු සම්පත් අංශවල සංවර්ධනය කිරීම, අපේ දේශපාලන අවබෝධතා ගිවිසුමක් හැටියට මේ පිළිබඳව වෙන වෙනම ගිවිසුම් ඇති කරගන්නට තිබෙනවා.

     

    සමහර ගිවිසුම් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නට තිබෙනවා. ඒවා ගැන සාකච්ඡා කරනවා. මේ රටවල් දෙකම එකඟතාවයක් තිබෙන්නේ ආර්ථික සංවර්ධනයක් ඇති කරගන්නට. ඒ නිසා මේ ගිවිසුම පාර්ලිමේන්තුවේ සභාගත කරනවා.


    ත්‍රීකුණාමලය වරයා 2003 සිට අපි ඩොලර් ලක්ෂයක බද්දක් ගත්තා. නීත්‍යානුකූල ගිවිසුමකට ඇවිත් නෑ. වෙනම වෙනම ගිවිසුම්වලට එන්න. ඒ පිළිබඳ සාකච්ඡා වෘත්තීය සමිති සමඟ ආරම්භ කරන්නට තිබෙනවා. ත්‍රීකුණාමලය වරාය සංවර්ධනය කිරීමට සැළසුම් සකස් කරමින් යනවා. ඉන්දියාව ලැස්තියි ආයෝජනය කරන්න.

    ජපානයත් සළකා බලන්න ලැස්තියි.සංචාරක කර්මාන්තය දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා. විටින් විට පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා.දේශපාලන තීන්දුව අරන් ඉවරයි.නීත්‍යාණුකූල ගිවිසුමකට යන්න තිබෙන්නේ.

    අපිට තිබෙන තර්ජනය බලශක්තිය අපේ රටේ අඩු වීමයි. තෙල් සංස්ථාවට අමතරව, ගෑස් සමාගමත් එකතු කරන්න. අපි සාකච්ඡා කරනවා. අපි පාර්ලිමේන්තුව දැනුවත් කරනවා. කිසිවිටෙක රටේ ආරක්ෂාවට තර්ජනයක් වන්නට ඉඩ දෙන්නේ නෑ. මන්නාරම නිධිය අපිට අයිති නිධියක්. එය වාණිජ වශයෙන් ප්‍රයෝජය ගන්න පුළුවන්. ත්‍රීකුණාමලය දියුණු කිරීම අපේ කටයුත්තක්.ත්‍රීකුණාමලය ව්‍යාපෘතිය ගැන ඉන්දියාව සමඟ එකතුතූවෙලා, ඒ ගැන අධ්‍යයනය කරලා,කටයුතු කරන්න. ත්‍රීකුණාමලය වරාය පාලනය තිබෙන්නේ ලංකා ආණ්ඩුව යටතේයි.

    ඒකාබද්ධ ව්‍යාපාරයක් කරලා තිබෙන්නේ. අපිට චීනය සහ ඉන්දියාව සමඟ වැඩකටයුතු කරන්න පුළුවන්. ආණ්ඩු නොවේ එන්නේ, සමාගම් එන්නේ. සමාගම්වල ආයෝජන තිබෙන්නේ. අපගේ අපනයනය දෙගුණයක් කරගත යුතුයි. එසේ නැතුව ණය ගෙවන්න බරි වෙනවා.සංවර්ධනය කරලා, ආදායම් වැඩි කරලා, රැකියා ලබාදෙන්නයි බලාපොරොත්තු වන්නේ යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya