ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ඕනෑම ආයෝජකයකුට මෙරටට පැමිණීමට හැකියාව පවතිනවා

    මැයි 05, 2017

    ඕනෑම ආයෝජකයකුට මෙරටට පැමිණීමට හැකියාව පවතින බවත් අප ජාත්‍යන්තර නීතිය ගරු කරන, ජාත්‍යන්තර ප්‍රජවේ කොටසක් බව පෙන්වා දී තිබෙන බවත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

    තානාපති වරප්‍රසාද පනත යටතේ නියමය අද (05) පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

    විදේශ ඇමැතිකම සුදුකම ලබූ පුද්ගලයකුට ලැබූ නිසා ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්ව සිටිනවා. මේක තමයි එතුමාගේ දක්ෂකම. මත්ස්‍ය තහනම, කෙටිකාලයක් තුළ ඉවත් කරගැනීමට හැකි වුණා.  ජී.එස්.පි.ප්ලස් සහනය ගැන කතා කළා. ශ්‍රී ලංකාවට නොදෙන යෝජනාව පරාජය කරන්න හැකි වුණා. නියෝජ්‍ය විශේශ ඇමැතිතුමා විශේෂ කාර්යභාරයක් ඉටු කළා.

    පසුගිය රජයයි අපේ රජයයි අතර විශාල වෙනසක් තිබෙනවා. අප  ජාත්‍යන්තර ප්‍රජවේ කොටසක් ජාත්‍යන්තර නීතිය ගරු කරන කොටසක් බව පෙන්වා දී තිබෙනවා. ජී.එස්.පි.ප්ලස් සහනය මැයි මාසයේ 15 වෙනිදා ඡන්දයෙන් පසු මේ සහනය අපිට ලැබේ යැයි විශ්වාසයක් තිබෙනවා. මෙහි ප්‍රයෝජනය තිබෙන්නේ ගම්වල තරුණ තරුණියන්ගේ  විරැකියාව අඩුවෙනවා.
     

    ජාත්‍යන්තර නීතියක් තිබෙනවා. රටේ නීතියයි, ජාත්‍යන්තර නීතියයි සමාන්තරව ගමන් කළ යුතුයි.රටවල් අතර ගණුදෙණු කරනකොට ජාත්‍යන්තර නීතිය තිබිය යුතුයි.මේ සම්මුතිවල වාසිය තිබෙන්නේ අපේ පුරවැසියන්ටයි.

    වැරදි මත,වැරදි පණිවිඩ ලෝකයට එවනවා. කර්මාන්තශාලා අවශ්‍යයි. නිෂ්පාදන අවශ්‍යයි. වරාය වැඩක් නෑ භාණ්ඩ එන්නේ නැත්නම්.ආයෝජකයන් ඉන්න ඕන.ඕන ආයෝජකයකුට මේ රටට එන්න පුළුවන්. කර්මාන්තශාලා ඇතිවෙනකොට රැකී රක්ෂා ඇතිවෙනවා. අපේ රජයට තිබෙනවා නොබැදි විදේශ ප්‍රතිපත්තියක්. හැමොම සමඟ එක මේසයක් මත හිදගෙන කතා කරන්න හැකියාව අපේ රජයට තිබෙනවා යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya