ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ''මහනුවර ප්‍රකාශය'' තුළින් බෞද්ධ රටවල් ඒකාබද්ධ වූ වැඩසටහනකට නායකත්වය ලබාදෙනවා - ජනපති

    මැයි 14, 2017

    බෞද්ධ දර්ශනයේ ගැටුම්වලට හා දුගී බවට විසඳුම් ලබාදී තිබෙන බවත් මහනුවර ප්‍රකාශය තුළින් තිරසර සාමය, තිරසර සංවර්ධනය සඳහා අන්තර්ජාතිකව පවතින බොහෝ ගැටලු සඳහා විසඳුම් ලබාගැනීමට හැකි වන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

    ජනාධිපතිතුමා අවධාරණය කළේ ඒ සඳහා අප කැපවිය යුතු බවයි. මහනුවර ප්‍රකාශය තුළින් බෞද්ධ රටවල් එකාබද්ධ වූ වැඩසටහනක් සඳහා නායකත්වය ලබාදෙන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ, අද (14) මහනුවර, ඓතිහාසික දළඳා මාළිගාව පරිශ්‍රයේ පැවැති එක්සත් ජාතීන්ගේ 14 වැනි වෙසක් දින සැමරුම් උළෙලේ සමාප්ති උළෙල අමතමිනි.

    "ඉතාමත් ම සතුටු වෙනවා, ගෙවී ගිය දසක කීපය තුළ මේ රටේ බෞද්ධ ජනතාව වගේම ශ්‍රී ලංකා ජනරජය සෑම කෙනෙකුටම නිදහසින් පසු නොලබූ අවස්ථාවක් ලැබී තිබීම ගැන. ලෝකයේ රටවල් 72කින් පැමිණ අමාත්‍යවරුන්, විශේෂ නියෝජිතයන් ජාත්‍යන්තර වෙසක් දිනය සැමරුවා. ජාතික හා ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයන් එක්ව බෞද්ධයින් වශයෙන් අපි සතියක් පුරා පැවැත්වූ  උළෙලේ සමාප්ති උළෙලට එක්වී සිටිනවා. වසර දහස් ගණනක අතීතයත් සමඟ බෞද්ධ රටක් ලෙස අනුරාධපුර පොළොන්නරු යුග සමඟ අපට භාග්‍ය ලැබුණා, උතුම් වෙසක් පසළොන්වක පෝය දිනය මුල් කරගෙන මෙම සැමරුම සිදු කිරීමට" යැයි ජනාධිපතිතුමා පැවසීය.

    ජනාධිපතිතුමා ප්‍ර‍කාශ කළේ මුළු මහත් බෞද්ධ රටවල නායකයින්, භික්ෂූන් වහන්සේලා, අපේ රටට වැඩම කරවමින් මෙම පුණ්‍ය කටයුත්ත කිරීම භාග්‍යක් මෙන් ම වාසනාවක් බවයි. එහිදී රටවල් 72ක නියෝජිතයින් පැමිණීම අඩුවෙන් තක්සේරු කිරීමට නොහැකි බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    මේ පුළුල් බෞද්ධාමික වැඩසටහන තුළ අප රජය ප්‍රකාශයට පත් කළ සතියක වැඩසටහන, බෞද්ධ දර්ශනය පිළිබඳ සාකච්ඡා, සංවාද, බෞද්ධ දර්ශනය ප්‍රචාරය , ප්‍රවර්ධනය සඳහා ගත යුතු මඟ , තිරසර ලෝක සාමය, සංවර්ධනය, මුල්කරගෙන සතියක් පුරා පුළුල් ජාතික හා ජාත්‍යන්තර වැඩසටහන ක්‍රියාත්මක වූ බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    බෞද්ධ ජාතික හා ජාත්‍යන්තර නියෝජිතයින්ගේ එකඟතාව මත ලෝක බෞද්ධ ජාතික හා ජාත්‍යන්තර සංවිධානයක් බවට පත් කිරීමට මහනුවර ප්‍ර‍කාශය තුළින් හැකි වී තිබෙන බවත් එම කාර්ය තුළින් මානව සමාජයේ බෞද්ධ දර්ශනය, ආර්ථික දර්ශනය තුළ දුගීබවට විසඳුම් ලබාදෙන බවත් ජනාධිපතිතුමා සඳහන් කළේය.  

    මෙම වැඩසටහන තුළින් ලබාගත් අත්දැකීම සමඟ රජයේ උපදෙස් මත වැඩසටහන සකස් කිරීම වගේම මහනුවර ප්‍රකාශය , ඉදිරි බෞද්ධාගාමික වැඩපිළිවෙළ පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කිරීමට ලැබීම අපට ඉටු කිරීමට ලැබීම ඉමහත් වූ භාග්‍යයක් බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    ලෝකයේ සැමතැනම ගැටුම් තිබෙනවා. බෞද්ධ දර්ශනයේ ගැටුම්වලට හා දූගීබවට විසඳුම් ලබාදී තිබෙනවා.ගැටුමක් නොමැති තැන්ක් නෑ. ජාත්‍යන්තර වශයෙන් ගැටුම්. ඒ නිසා අපිට ප්‍රධාන වශයෙන් ථේරවාදී බෞද්ධ දර්ශනය මුල්කරගමින් මුළු ලෝකයේ සිටින බෞද්ධ ජනතාවගේ ජාත්‍යන්තර වශයෙන් එක සංවිධනය යටතට මහනුවර ප්‍රකාශය මඟින් පත් කරගැනීමට සතුටට කරුණක් බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    දුප්පත්කමට හේතුව මත්ද්‍රව්‍ය භාවිතයේ ප්‍රතිඵලයක්. මහනුවර ප්‍රකාශය තුළින් තිරසර සාමය තුළ තිරසර සංවර්ධනය සඳහා අන්තර්ජාතිකව පවතින බොහෝ ගැටලු විසඳා ගැනීමට හැකිවෙනවා. ඒ සඳහා කැපවිය යුතුයි. ශ්‍රී ලංකා රජය විදියට,මහා සංඝරත්නයේ උපදෙස් මත මහනුවර ප්‍රකාශය තුළින් බෞද්ධ රටවල් එකාබද්ධ වූ  වැඩසටහනක් සඳහා නායකත්වය ලබාදෙනවා. වෙසක් උළෙලට පැමිණි රාජ්‍ය නායකයින්ට , බෞද්ධ නායක ස්වාමීන්වහන්සේලා, නියෝජිතයන් වෙත මාගේ ගෞරවනීය ස්තූතිය පුදකරන බව ජනාධිපතිතුමා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya