ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ඓතිහාසික මහියංගණ පුදබිමේ සංවර්ධනය ගැන සාකච්ඡාවක්

    ජූනි 02, 2017

    ඓතිහාසික මහියංගණ පුදබිමේ සංවර්ධන කටයුතු පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ  (01) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

    පූජා භූමියක් ලෙස පුදබිමේ නීත්‍යානුකූල අයිතිය තහවුරු කිරීම පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු වූ අතර පුදබිමට අයත් සීමාව තුළ වෙනත් පිරිස් සඳහා ඔප්පු හෝ බලපත‍්‍ර ලබාදීම වහාම නවතන ලෙස ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

     

    පුද බිමේ විදුලි පද්ධතිය පුළුල් කිරීම, මාර්ග ප‍්‍රතිසංස්කරණය ඇතුළු වෙනත් සංවර්ධන කටයුතු පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.


    මහියංගණ රජමහා විහාරාධිපති පූජ්‍ය උරුලෑවත්තේ ශ්‍රී ධම්මරක්ඛිත නායක ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද, අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරින් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya