ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    සයිටම් ආරම්භ කළේ පසුගිය රජය සමයේ දී - අද එයට විරුද්ධ වීම අවස්ථාවාදී දේශපාලනයක නිරතවීමක්

    ජූනි 07, 2017

    සයිටම් ආයතනය ආරම්භ කළේ පසුගිය රජය සමයේ බවත් අද එයට විරුද්ධ වීම අවස්ථාවදී දේශපාලනයක නිරතවීමක් බවත් සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    අමාත්‍යවරය මේ බව අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ,පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහටහ විසින් ස්ථාවර නියෝග 23(2) යටතේ කළ ප්‍රකශයට පිළිතුරු ලබදෙමිනි.

    මෙම අයතනය විසින් උපාධි පිරිනැමීම සඳහා ඉවහල්වන පිළිගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කිරීම සඳහා 2013/09/26 දින අංක 1829/36 දරණ අති විශේෂ ගැසට් පත්‍රයේ පල කරන ලද නියමය උසස් අධ්‍යාපන අමාත්‍යවරය වෙනුවට සභාගත කර ඇත්තේ මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් බවද අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියා සිටියේ ය.

    මේ පිළිබඳව තවම්න් ඉතා කණගාටුවන බවද අමාත්‍යවරයා පැවසී ය.එබැවින් අද ඒ සඳහා විරුද්ධ වීම අවස්ථාවාදී දේශපාලනයක නිරතවීමක් බවද අමාත්‍යවරයා පැවසී ය. වර්තමානයේ මෙහි ලියාපදිංචි වී අධ්‍යාපනය ලබන සිසුන් සංඛ්‍යාව 853ක් බව කී අමාත්‍යවරයා ඉන් සියයට 99%ක් ම ශ්‍රී ලාංකික දෙමව්පියන්ගේ දරුවන් බවද කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya