ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    උතුරේ ධීවර කර්මාන්තය නඟා සිටුවීම සඳහා විධිමත් වැඩසටහනක් - ජලජීවී වගා කර්මාන්තපුරයක්

    ජූනි 07, 2017

    උතුරු ප්‍රදේශයේ ධීවර කර්මාන්තය නඟා සිටුවීම සඳහා විධිමත් වැඩසටහනක් ක්‍රියාත්මක බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය,මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය  මහින්ද අමරවීර මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    මෙරට විශාලතම ධීවර වරාය පේදුරුතුඩුවේ ඉදිකෙරෙන බව කී අමාත්‍යවරයා,අසියානු සංවර්ධන බැංකුව මූල්‍යාධාර සපයන බව කීය.

    මේ පිළිබඳව මොරටුව විශ්වවිද්‍යාලය ඉදිරිපත් කළ සක්‍යතා වාර්තාවද ලැබී ඇති බව අමාත්‍යවරයා පැවසී ය. තවත් ධීවර වරායක් පේෂාලේ ඉදිකිරීමට නියමිතය. උතුරු පළාතේ ධීවර තොටුපලවල් 20ක් ද නැංගුරන්පලවල් 7ක් ද සංවර්ධනය කෙරේ. එමෙන් ම ශීතාගාර හා මත්ස්‍ය සැපයුම් මධ්‍යස්ථන ඇති කෙරේ. ජලජීවී වගා කර්මාන්තපුරයක් ආරම්භ කෙරෙන අතර ඉන් රැකියා  දස දහසක් ලබාදීම ඉලක්කය බවද අමාත්‍යවරයා පැවසී ය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya