ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ආපදා තත්ත්වයන් ඇති වීම අවම කරගැනීමේ වගකීම අපට තිබෙනවා

    ජූනි 09, 2017

    සුපරික්ෂාකාරීව ජීවත්වීමේ අයිතිය ජනතාවට තිබෙන බවත් ආපදා තත්ත්වයන් ඇති වීම අවම කරගැනීමේ වගකීම අපට තිබෙන බවත් විදේශ රැකිය ඇමතිනී තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

    අමාත්‍යවරිය, මේ බව අද (09) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, පසුගිය දා ඇති වූ ආපදා තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැති විවාදයකට එක්වෙමිනි.

    ගංවතුර ව්‍යවසනයේ දී නොයෙක් ලෙස චෝදනා කළා.සමහර විට දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට ආපදාව වෙනස්. රජයේ මැදිහත්වීමත් වෙනස් වෙන්න පුළුවන්.අගමතිතුමා අවශ්‍ය අංශ සමඟ සාකච්ඡාවක් ආපදාව ඇති වූ සැනින් පැවැත්වූවා.උපරිම මට්ටමින් රජය මෙය පාලනය කරගත්තා.

    ඕන තරම් අඩුපාඩු කියන්න පුළුවන්. ඉතා හොඳ ක්ළමනාකාරීත්වයකින් කටයුතු කළා.අගමතිතුමා අවශ්‍ය උපදෙස් ලබාදුන්නා. රජය මැදිහත්වීම,ත්‍රවිධ හමුද මදිහත්වීමෙන් ජීවිත ගණනාවක් බේරාගත්තා. ජනප්‍රිය දේශපාලනය නොව ආපදා වළක්වාගැනීමට අවශ්‍ය කටයුතු කළ යුතුයි. මෙය ජාතික ප්‍රශ්නයක්. සුපරික්ෂාකාරීව ජීවත්වීමේ අයිතිය ජනතාවට තිබෙනවා.  ආපදා තත්ත්වයන් ඇති වීම අවම කරගැනීමේ වගකීම අපට තිබෙනවා යැයි ද අමාත්‍යවරිය පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya