ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    මිත්‍රශීලීව පරිසරය සමඟ ජීවත්වන රටාවකට යෑමට උත්සහ කළ යුතුයි

    ජූනි 09, 2017

    පරිසරය සමඟ මිත්‍රශීලීව පරිසරය සමඟ ජීවත් වන රටාවකට යන්න උත්සහ කළ යුතුයි. ආපදාවට පත් ජනතාවට දිය හැකි උපරිම ආධාර ලබාදීමට විශාල කැපවීමකින් රජය වැඩකරනවා යැයි සමාජ සවිබලගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්.බී දිසනායක මහතා ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරයා මේ බව අද (09) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, පසුගිය දා ඇති වූ ආපදා තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැති විවාදයකට එක්වෙමිනි

    ආපදාවට ලක් වූ ජනතාවට බලවත් කනගාටුව පළ කරනවා. ආපදා අවස්ථාවේ කැපවූ රාජ්‍ය නිලධාරීන් සියලු දෙනා දැඩි කැපවීමෙන් ජනතාවට අවශ්‍ය රැකවරණය දෙන්න වැඩකරගෙන ගියා.

    ආපදා කළමනාකරණය ඉතා ම අත්යවශ්‍ය දෙයක්. හදිසි විපත්,මේවා කලින් හඳුනාගන්න අපේ විද්‍යාව තවම ස්ඝක්තිමත් වී නෑ. මේ හදිසි ආපදාව පිළිබඳ චෝදනා රජයට කෙලින් ම එල්ල කිරීම සාධාර්ණ නෑ. ලෝකයේ ඇති වී තිබෙන දේශගුණික හේතු මෙවට බලපා තිබෙනවා. මේවා කරන්නෙත් අපිමයි.ලෝකයේ සංවර්ධිත රටවල් දිනපතා වාතය අපවිත්‍රකරනවා. තවමත් උත්සහ කරන්න අවශ්‍ය වන්නේ අපේ පරිසරය, වනාන්තර රැකගන්න.

    පරිසරය සමඟ මිත්‍රශීලීව පරිසරය සමඟ ජීවත් වන රටාවකට යන්න උත්සහ කළ යුතුයි. පරිසරය ආරක්ෂා කරගැනීම කළ යුතුයි.සියයට 22% තියෙන්නේ ගෙවතු.සියයට 30%න් සියයට12% පතන් බිම් තියෙන්නේ.පසුගිය ආපදා තත්ත්වයේ දී රජය, දේශපාලන පක්ෂ වගේම සමාජ සංවිධාන විශාල කැපවීමක් කළා. අපේ රජයට දොස් කියනකොට 2011 දී පාර්ලිමේන්තුව ගැලුව. අවම යට වූ ගෙවල් වලට මොනවත් දුන්නේ නෑ.මේ වෙලාවේ ජනාධිපතිතුමා රජය ජනතාවට දිය හැකි උපරිම ආධාර දෙන්න විශාල කැපවීමකින් වැඩකරනවා. අපි පරිසරයට මිත්‍රශීලී වුවත් අපත් පරිසරයට හානි කරනවා. ගෙවල් ශුද්ධ පවිත්‍ර කරන භාණ්ඩ බෙදාගෙන යනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya