ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    විපතට පත් ජනතාවගේ ජීවිත ගොඩ නැංවීමට කටයුතු කරනවා- රාජ්‍ය නිලධාරීන්ගේ ශක්තිය නියෝජ්‍ය ඇමති අගයයි

    ජූනි 10, 2017

    ආපදා අවස්ථාවේ දී  සහන සේවා කටයුතු වල ශක්තිය වුනේ රාජ්‍ය ආයතනයි.ශක්තිය ලබාදුන්නේ රාජ්‍ය නිලධාරීන්.රජයේ නිලධාරීන් අවතක්සේරු කිරීම වැරදියි යැයි විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරෙරා මහතා පවසයි.

    නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ඊයේ (09) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, පසුගිය දා ඇති වූ ආපදා තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැති විවාදයකට එක්වෙමිනි

    සහන සේවා කටයුතු වල ශක්තිය වුනේ රාජ්‍ය ආයතනයි.දිසාපති,උපදිසාපති, ග්‍රාමනිලධාරී ඇතුලත් වූ සමස්ත පද්ධතිය, ආපදා කළමනාකරණ අංශ උපරිමයෙන් කටයුතු කළා. මේ තරමින් හෝ ප්‍රශ්නයට මුහුණ දෙන්න ශක්තිය දුන්නේ රාජ්‍ය නිලධාරීන්.ඔවුන් සියලු දෙනා ගෞරවයෙන් මතක් කිරීම අවශ්‍යයි.

    සිවිල් සංවිධාන, සාමාන්ය ජනතාව මැදිහත් වුණා.රාජ්‍ය ව්‍යුහය කියන්නේ දේශපාලඥයා නොවෙයි. රජයේ නිලධාරීන් අවතක්සේරු කිරීම වැරදියි.

    අදත් ගං වතුර බැස ගියත් ගෙවල් හුඹස් වගේයි. සියල්ල ගහගෙන ගිහින්. ජීවිතයේ එකතු කළ වටිනා දේවල් ගහගෙන ගිහිල්ලා. පාසල් යන දරුවෝ 3200ක් විපතට පත් වෙලා. මේ අහිංසක ජනතාව විපතට ලක් වුණා. ඔවුන්ගේ ජීවිත ගොඩනැගීම අපගේ වගකීමක්. එය ලබාදීමට රජය කැපවෙනවා යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya